Sinhala November 27, 2019November 27, 2019Sameera Peiris අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකු හෙට්ටිගේ තරඟ තහනමට එරෙහිව අභියාචනාවක් [vc_row][vc_column][vc_column_text]පසු ගිය වසරේ අබුඩාබි T10 තරගාවලිය අතරතුරදී තරඟ පාවාදීම සඳහා සෘජුව සහ වක්‍රව උපදෙස් දීම, හවුල් වීම, අනුබල දීම ඇතුළුචෝදනා කිහිපයක් නිසා මෙම හිටපු ජාතික ක්‍රීඩකයන් තිදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ තාවකාලික තරඟ තහනමකට යටත්විය. එය එසේ වුවත් ඉන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අදාල බලධාරින් විසින් ඒ හා සම්බන්ධව නිසි පරිදි සාක්ශි විමසීමක්, චෝදනාවිභාග කිරිමක්, කරුණු විමසමීක් හෝ රහිතව නඩුව ඉදිරියට ගෙන යන නිසා මේ සඳහා සාධාරණයක් අපේක්ෂා කරමින් ජීනිවාහි ක්‍රීඩාසඳහා වූ බේරුම්කරණ අධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ව්‍යාපාර ආයතනයක් විසින් මෙම තරඟවලිය සංවිධානය කල නිසා ජාත්‍යන්තර ක්‍රිකට්කවුන්සිලයට මේ සඳහා මැදිහත් වීමට කිසිදු බලයක් නොමැති බව මෙම ක්‍රීඩකයන්ගේ නීතිඟයන් පෙනවා දෙති. මෙසේ කිසි ක්‍රියා පටිපාටියකින් තොරව ගත් අත්තනෝමතික තීරණය නිසා තමන්ගේ රක්ෂාවට මෙන්ම කීර්තිනාමයටද දැඩි පහරක් එල්ල වූබව ක්‍රීඩකයන් පෙන්වා දෙති. මෙ හෙතුවෙන් මේ සඳහා විශාල වන්දි මුදලක් අපේක්ෂා කරන බවත් ඔවුන් පවසා සිටී.[/vc_column_text][/vc_column][/vc_row] Sameera Peiris
News Other Sports Sinhala April 7, 2025Sameera Peiris කබඩි පිරිමි අංශයේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට
Club Rugby News Rugby Sinhala April 7, 2025Sameera Peiris ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට
Cricket National Cricket News Sinhala April 6, 2025April 7, 2025Sameera Peiris අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තරග උණුසුම් වෙයි