[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට නැවතත් ජාතික කණ්ඩායමට පැමිණීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතු බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.
බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු ඇතුළත් වුවද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවිය.
” යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට එළඹෙන සතියේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වෙන්න පුලුවන්. ඔහු එම පරීක්ෂණය සමත් වුවහොත් එංගලන්ත තරග සංචාරයට එක්වීමට ඔහුට අවස්ථාව තියෙනවා.”
මහාචාර්ය අර්ජුන ඩි සිල්වා
යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා Daily News වෙබ් අඩවිය වෙත අදහස් දක්වා ඇත.
” ජාතික කණ්ඩායමේ ක්රීකඩයන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම ඉතා වැදගත් දෙයක්. නමුත් අපට මේ මොහොතේ එක් ක්‍රීඩකයෙන් වෙනුවෙන් පමණක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සිදු කරන්න බෑ.” ලෙසින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]