අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතයට ක්‍රීඩකයින් 26 ක්

[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත අවුරුදු 19 න් පහළ ජාතික පුහුණු සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා කනිෂ්ට තේරීම් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනාගේ තෝරා ගැනීම සිදුව තිබේ.

දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද වැඩසටහනේදී තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනාගෙන් මෙම ක්‍රීඩකයින් 26 තෝරාගැනීමට පියවර ගෙන තිබේ.

අවසන් සංචිතය තෝරා ගැනීමට පෙර මූලිකව තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනා මහනුවරදී  නේවාසික පුහුණු වැඩසටහනකට භාජනය වූ අතර එහිදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් පුහුණු සැසි කීපයකටම යොමු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුපිරි පළාත් වල නම් හෙවත් කොළඹ උතුර, කොළඹ දකුණ,  දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන පළාත් කණ්ඩායම් ආවරණය වන පරිදි වූ කණ්ඩායම් 5 කට බෙදා මෙම නේවාසික පුහුණුව පවත්වන ලදී.

මෙම නේවාසික පුහුණු වැඩසටහනට සහභාගිවුණු සෑම ක්‍රීඩකයකු කෙරෙහිම කණිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජිකයින් ඉතා සමීපව කටයුතු කිරීම විශේෂත්වයක් විය.

අවුරුදු 19 න් පහළ සංචිතය

 

                              නම           පාසල පළාත
1 සදේශ් ජයවර්ධන සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
2 අභිෂේක් ලියනාරච්චි ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
3 රයන් ප්‍රනාන්දු සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස බස්නාහිර පළාත
4 සදීෂ රාජපක්ෂ රාජකීය විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
5 ශෙවෝන් ඩැනියෙල් සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
6 පවන් සන්දේශ් දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල දකුණු පළාත
7 හරිඳු ජයසේකර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර දකුණු පළාත
8 ජීවක සශීන් දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල දකුණු පළාත
9 පවන් පතිරාජ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
10 මතීෂ වීරසිංහ මලියදේව විද්‍යාලය, කුරුණෑගල වයඹ පළාත
11 විනුජ රාම්පෝල් නාලන්ද විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
12 ළහිරු දෙවටගේ සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
13 මල්ෂ තරුපති මාදම්පගම, අම්බලන්ගොඩ දකුණු පළාත
14 දුනිත් වෙල්ලාලගේ සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
15 ට්‍රවීන් මැතිව්ස් සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට මධ්‍යම පළාත
16 සසංක නිර්මාල් දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල දකුණු පළාත
17 යසිරු රුද්‍රිගෝ සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස බස්නාහිර පළාත
18 දනාල් හේමානන්ද සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
19 මතීෂ පතිරණ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
20 විභාවිත් ඇහැළේපොළ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
21 රවීන් ද සිල්වා නාලන්ද විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
22 චමිදු වික්‍රමසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට මධ්‍යම පළාත
23 භවන්ත ජයසිංහ තර්සටන් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
24 වනුජ සහන් සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
25 ළහිරු අබේසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට මධ්‍යම පළාත
26 මලීෂ සිල්වා සාන්ත සිල්වෙස්තර විද්‍යාලය මධ්‍යම පළාත

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top