අවු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානේ දෙවැනි ජයග්‍රහණයද අද වාර්තා කරයි

වයස අවුරුදු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණයද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකාවන් අද සමත් වුණා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 81 කින් පරාජය කරමින්.

තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඒ අනුව ඔවුන් පන්දු වාර විස්ස ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් රැස්කළා.සංජනා කාවින්දි ලකුණු 38 යි.නායිකා මනුදි නානායක්කාර ලකුණු 37 ක් සහ දැහැමි සෙනෙත්මා නොදැවී ලකුණු 31 ක් රැස්කළා.

පන්දු යැවීමේදී සෙලේනා රෝස් කඩුලු 2 යි.පිලිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කලේ ලකුණු 85 ක් පමණයි.සමාරා රම්නෙත් ලකුණු 24 යි.පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා ලකුණු 16 කට කඩුලු 3 ක් බිද හෙලුවා.ලිමන්සා තිලකරත්න සහ අසේනි තලගුණේ අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ දක්ශතම ක්‍රීඩිකාව චමෝදි ප්‍රබෝදා.

Back To Top