ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් ආදේශ කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බිලියන 1.5ක මුදලක් එනම් මිලියන 1500ක මුදලක් වියදම් කොට ඇති බවට සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත බවයි.
එළඹෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණය සූදානම් කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් හිමිවන අරමුදල් වගකීමෙන් යුතුව යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බවද එම නිවේදනයේ සදහන් කොට ඇත.