අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයෙන් ඉවත් වේ.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසන්තද මෙල් එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කොට ඇත.

” එංගලන්තයට එරෙහි ටෙස්ට්තරග දෙකෙන් අනතුරුව පෞද්ගලික හේතු මත කණ්ඩායමේ කළමනාකරු ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. මෙම තනතුර මම බාරගත්තෙ තාවකාලිකව.” යනුවෙන් Daily News පුවත්පත වෙත අදහස් දක්වමින් අසනතද මෙල් ප්‍රකාශ කොට ඇත.

දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම පිළිබදවද අසන්තද මෙල් අදහස් දක්වා ඇත.

” දෙවන තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම පහත පරිදි වෙයි. කුසල් පෙරේරා , ලහිරු තිරිමාන්න , ඕෂධ ප්‍රනාන්දු , ඇන්ජිලෝ මැතිවුස් , දිනේෂ් චන්දිමාල් , නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුළත්. තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හා ටෙස්ට් වරම් අපේක්ෂාවෙන් පසුවන රමේෂ් මෙන්ඩිස් යන දෙදෙනාගෙන් එක් අයෙකු ක්‍රීඩා කරවි. දිල්රුවන් පෙරේරා , ලසිත් ඇඹුල්දෙණිය , අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්. ඊට අමතරව සුරංග ලක්මාල් හෝ වනිදු හසරංග යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරාගැනීමට සිදුවෙයි. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේදී හොදින් ක්‍රීඩා කරාවි කියලා.”

පළමු ටෙස්ට් තරගයේදී අගනා ශතකයක් වාර්තා කළ ලහිරු තිරිමාන්න පිළිබදවද අසන්ත ද මෙල් අදහස් දක්වා ඇත.

” පිතිකරුවෙකු ලෙස තිරිමාන්න සතු හැකියාවන් පිළිබදව මම කලින් ප්‍රකාශ කරල තියෙනවා. අන්න ඒ නිසයි මම ඔහුව අනික් අයට වඩා ඉදිරියට ගත්තෙ. තරගය අවසානයේදී ඔහු දීප්තිමත් ශතකයක් ලබාගෙන ඔහුගේ හැකියාවන් ඔප්පු කළා. ඒ වෙනුවෙන් මට පැසසුම් අවශ්‍ය නෑ. එහි සියලුම ගෞරවය හිමිවෙන්න ඕනෙ තිරිමාන්නටයි.”

– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top