[vc_row][vc_column][vc_column_text]කොළඹ රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක අහන් වික්‍රමසිංහ හා මුල් පෙළ පිතිකරු සදීෂ රාජපක්ෂ එක්ව මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තාවු ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාව පසුගියදා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති තරඟයේදි අලුත් කිරීමට සමත් වුනා. අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ එක්ව ලකුණු 362 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නගා මෙම වාර්තාව පිහිටවු අතර මොවුන් දෙදෙනා බිඳ දැමුවේ 2018 වසරේදි ශාන්ත ජෝශප් විද්‍යාලයේ රෙවන් කෙළී හා නිපුන් සමරසිංහ එක්ව කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලකුණු 314 ක් ලබා තබා තිබු වාර්තාවයි.
අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ මෙහිදි වසර 40 ක් පැරණි කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්තාවක් ද බිද දමන ලදී. ඒ 1981 වසරේදී රාජකීය විද්‍යාල ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ලකුණු සබඳතාවය ලෙස අජිත් දේවසුරේන්ද්‍ර හා සුමිත්‍ර වර්ණකුලසූරිය එක්ව ලකුණු 304 ක් ලබා ගනිමින් තබා තිබු වාර්තාවයි. මේ අනුව වසර 40 ක් ඉපැරණි රාජකීය වාර්තාව බිඳ දැමීම වෙනුවෙන් අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ යන ක්‍රීඩකයින් ඇගයීමේ චාම් උත්සවයක් අද රාජකීය විද්‍යාලයේදී පැවැත්වුනා. මෙම අවස්ථාවට ඉපැරණි වාර්තාවට හිමිකම් කියු අජිත් දේවසුරේන්ද්‍ර හා සුමිත්‍ර වර්ණකුලසූරිය යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම රාජකීය විද්‍යාලයේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් ද සහභාගි වී සිටීම විශේෂත්වයක්.