ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වට ප්‍රභලයන් තිදෙනෙක්

[vc_row][vc_column][vc_column_text]සැප්තැම්බර් 23 වනදා පටන් චීනයේ Hangzhou නගරය කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළලේ ස්කොෂ් තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අංක එකේ ස්කොෂ් ක්‍රීඩකයා වන රවිඳු ලක්සිරි, ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වේ දිනුම් ඇදීමට අනුව 11 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහු මෑතකාලීනව ජාත්‍යන්තර ස්කොෂ් තරගාවලි කිහිපයක් ද ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙකි.

මෙවර ජාතික කණිෂ්ට ශූරිය වන චනිත්මා සිනාලි සමගින් ෂමිල් වකීල් මෙවර ආසියානු තරගාවලිය සදහා මිශ්‍ර යුගල ඉසව්ව වෙනුවෙන් සහභාගි වීමට නියමිතය. ඔවුන් දෙදෙනා පසුගිය වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී පළග ශූරතාවය ජයග්‍රහණය කිරීමට ද සමත් විය. චනිත්මා සිනාලි සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අතර රවිඳු ලක්සිරි සහ ෂමිල් වකීල් යන දෙදෙනාම කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ය. මෙම තිදෙනා සමඟින් ශ්‍රී ලංකා ස්කොෂ් උප සභාපති එරන්ද ගීගනගේ මහතා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන අතර ඔහු කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top