[vc_row][vc_column][vc_column_text]ආසියානු කායවර්ධන හා පිසික් ක්‍රීඩා සංගමයේ වැදගත් තනතුරු යුගලයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි වී ඇත. ඒ අනුව ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ උප සභාපතිධූරය ජගත් සමරසේකර මහතාටද, විද්‍යාත්මක සහ පර්යේශණ කමිටු ලේකම් ධූරය ජනක සමරසිංහ මහතාටද හිමි වී ඇත.
අද දිනයේදී පැවති ආසියානු කායවර්ධන සහ පිසික් සංගමයේ චන්ද විමසීමකදී ආසියානු කායවර්ධන සහ පිසික් සංගමයේ විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව මොවුන් දෙදෙනාට හිමි විය.ආසියානු කායවර්ධන සංගමය පිහිටුවීමේ ලා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූවේ ක්ලැරන්ස් ද අල්විස් මහතාය. ඒ වසර 1959දීය. ආසියානු කායවර්ධන හා පිසික් සංගමයේ නව තනතුරු හිමි වූ ජගත් සමරසේකර මහතාට සහ ජනක සමරසිංහ මහතාට ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩාවට වැඩි ප්රමුඛත්වයක් ලබාදෙමින් මෙරට ක්‍රීඩාව නගා සිටුවීමට සේවය කිරීමට හැකිවේවා යයි සුභපැතුම් එක් කර සිටිමු.
එමෙන්ම 55 වන ආසියානු කායවර්ධන හා පිසික් තරගාවලිය සැප්තැම්බර් මස 1 වනදා සිට 7 වනදා දක්වා නේපාලයේදී පැවැත්වෙයි. ඒ අනුව මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්වෙයි. ඔවුන් හෙට දිනයේ සිට තරග බිමට පිවිසීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
උදානි අමරසිංහ, මධුෂි අමරසිංහ, හෂිනි හේවගේ, කෞෂල්‍යා වොෂානි, ප්‍රභාත් ජයසේකර, නිලූක ඩයස්, කැලුම් දර්ශන, වසීම් ස්ටීවන්, තිළිණ දිනුෂාන්, ඔෂාන් ගෝමස්[/vc_column_text][/vc_column][/vc_row]