[vc_row][vc_column][vc_column_text]8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්රිකට් තරගාවලිය ශ්රී ලංකා සංචිතය අද ප්රකාශයට පත්වුහ. එහි නායකත්වය වෙන්නපුව ශාන්ත. ජෝසප් වාස් විදුහලේ නිපුන් ධනංජය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහුගේ උපනායකත්වය කොළබ රජිකිය විදුහලේ කම්ල් මිෂාර හට ලැබී ඇත. ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා කණ්ඩායම් 8ක සභාගීත්වයෙන් ශ්රී ලංකාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වී අවසන්.
මෙම තරගාවලියට සත්කාරක ශ්රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය , පාකිස්තානය යන කණ්ඩායම් ICC සාමාජිකත්වය හිමි රටවල් වන අතර ඊට අමතරව කුවේට්, නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්ය යන කණ්ඩායම්ද මෙම තරගාවලිය සදහා සුදුසුකම් සපුරාගෙන තිබේ. කුවේට් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ පළමු වතාවට වන අතර එය විශේෂයෙන් කැපිපෙනේ.
නම් කරන ලද ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය,
නිපුන් ධනංජය (නායක), කමිල් මිශාර (උප නායක සහ කඩුලු රකින්නා), නවෝද් පරණවිතාන, අහන් වික්රමසිංහ, අවිශ්ක තරිඳු, රශාන්ත ද සිල්වා, අභිෂේක් කහදූවආරච්චි, රොහාන් සංජය, අශේන් ඩැනියෙල්, සඳුන් මෙන්ඩිස්, කවිඳු නදීශාන්, යසිරු රුද්රගු, ඩිල්ෂාන් මධුශංක, චමිඳු විජේසිංහ, අම්ෂී ද සිල්වා.[/vc_column_text][/vc_column][/vc_row]