ආසියානු කුසලාන පරාජය ලෝක කුසලානයට පෙර යළි අවදිවීමට අවස්ථාවක් – ක්‍රිස් සිල්වර්වුඩ්

[vc_row][vc_column][vc_column_text]

ආසියානු කුසලාන අවසන් තරගය පරාජය වීම ලෝක කුසලානයට පෙර පිබිදීමක් බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කොට ඇත. ලෝක කුසලාන තරගාවලියේ දී අපට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි කණ්ඩායම් සමඟ තරග කිරීමට සිදුවන බැවින් එම කණ්ඩායම් වලට එරෙහිව හොඳින්ම දස්කම් දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සදහන් කොට ඇත.

අපි ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයට යාමට ඉතා හොදින් ක්‍රීඩා කළා. අපිට ගොඩක් සටන් කරන්න සිද්ධ වුණා. මට නම් එය ජයග්‍රහණයක්. පැහැදිලිවම එය නරක දවසක්. අපි ඉතා ඉහළ පෙළේ පන්දු යැවීමේ ඒකකයකට එරෙහිව තමයි ක්‍රීඩා කළේ. අපි මුලින් ක්‍රීඩා කරපු කරපු විදියට අවසන් කරන්න බැරි වුණ එක ගැන ලැජ්ජයි. ක්‍රීඩාගාරයේදී ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒව හදාගෙන අපි ඉදිරියට යා යුතුයි.”

ආසියානු කුසලානයේ ධනාත්මක දේවල් ගොඩක් තිබුණා. විශේෂයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුලු 10ක් දවා ගනිමින් තරඟාවලියේ කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වීම මෙන්ම කඩුලු 11ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ පන්දු බලඇණිය සිටියා නම් වෙල්ලාලගේ හෝ පතිරණ ක්‍රීඩා කරන්නෙ නෑ. සධීර සමරවික්‍රම හොඳ පිතිහරඹයක නිරත වුණා. උප නායක කුසල් මෙන්ඩිස් ලකුණු 270ක් ලබාගෙන නැවතත් දක්ෂතා අතරට පැමිණ තියෙනවා.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top