ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කෙරේ.

[vc_row][vc_column][vc_column_text]චීනයට මේ වන විට බලපා ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ හැංෂු නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කර ඇති බව වාර්තා වනවා. ශුරතාවලි පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මස (පෙබරවාරි) 12 සහ 13 යන දෙදිනයි.

මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාලී වීමට නියමිතව තිබුණා. මලල ක්‍රීඩා ශුරතාවලිය පැවැත්වීමට නියමිතව තිබූ හැංෂු නගරය පිහිටා තිබෙන්නේ කොරෝනා වෛරසය බහුලව පැතිර තිබෙන වූහාන් නගරයේ සිට කිලෝ මීටර 700 ක් පමණ දුරින්. මේ සම්බන්ධයෙන් කල සාකච්ඡාවකින් අනතුරුව ශුරතාවලිය අවලංගු කිරීමට ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කළ බවයි වාර්කා වන්නේ. මේ අතර ඉදිරියේදී චීනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක්ම කොරෝන් වෛරසය හේතුවෙන් අවලංගු වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද වාර්තා වනවා[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top