[vc_row][vc_column][vc_column_text]රටවල් 8ක සහභාගීත්වයෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ආසියානු නැගිඑන කණ්ඩායම් අතර ක්රිකට් තරඟාවලිය හෙට බංගලාදේශයේ දී ආරම්භ වීමට නියමිත වේ..ආසියාවේ ටෙස්ට් වරම් දිනූ රටවල් පහට අමතරව නේපාලය,හොංකොං හා ඕමානය යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වේ.
ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින්ද ,ඇෆ්ගනස්තානය ශමියුල්ලා ශෙන්වාරි විසින්ද, නජ්මුල් ශැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමද , අසීස් ඛාන් හා රවී ශාරත් පිළිවෙලින් හොංකොං හා ඉන්දීය කණ්ඩායම් වල නායකත්වය හොඹවයි.
ගයේන්ද්ර මල්ලා, අමීර් කලීම් , ස්ව්ද් ශකීල් පිළිවෙලින් නේපාල , ඕමාන හා පාකිස්ථාන කණ්ඩායම නායකත්වය දරනු ලබයි.
තරඟාවලිය A හා B ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර A කාණ්ඩයට අයත් රටවල් වන්නේ ගියවර ශූරයන් වන ශ්රී ලංකාව , පාකිස්තානය ඇෆ්ගනිස්තානය හා ඕමානය වේ. B කාණ්ඩ යටතේ ඉන්දියාව , සත්කාරක බංලා දේශය හොංකොං හා නේපාලය තරග වදී.
A කාණ්ඩයේ හා B කාණ්ඩයේ මුළු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එම තරග නොවැම්බර් 20 හා 21 බංග්ලාදේශයේ මීර්පූර්හි ශරී බංගලා ක්රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත..තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 23 වන දා මීර්පූර්හිදීම පැවැත්වෙනු ඇත.
ශ්රී ලංකාව නොවැම්බර් මස 14 වනදා ඕමානය සමගිනුත් 16 වනදා පාකිස්ථානය සමගිනුත් 18 වනදා ඇෆ්ගනස්තාිස්ථානය සමගිනුත් සිය මූලික වටයේ තරග වලට සහභාගී වනු ඇත.
– චානා-[/vc_column_text][/vc_column][/vc_row]