ඇත්තවශයෙන්ම අපි සූදානම්, නායක දසුන් කියයි.

[vc_row][vc_column][vc_column_text]

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් මහා තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා අසල්වැසි ඉන්දීය කණ්ඩායම තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි. තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වා ඇත.

” ඇත්ත වශයෙන්ම අපි සූදානම්. තණතීරුව මත සියල්ල රඳා පවතීවි. තරගාවලිය පුරාවට තණතීරුව විශාල කාර්‍යභාරයක් ඉටු කළා. ඉන්දියාවට එරෙහිව පන්දු යවන විට ඔවුන්ගේ මුල් පෙළ කඩුලු දවාගන්න අවශ්‍යයි. එහෙම උනොත් තරගය අපිට විවෘත වෙයි.”

“අපි මේ වෙලේ ඉන්නේ අපේ උපරිමයේ. අපේ කොල්ලොන්ට ඕන රට ජයග්‍රහණය කරවන්න. අපි දුර්වලයන් විදියට තමයි තක්සේරු කරේ. ඒ නිසා ලොකු තරගාවලි වල දස්කම් දක්වන්නට අපිට අවශ්‍යයි. විශේෂයෙන් තරුණ ක්‍රීඩකයෝ ඒක ඔප්පු කරන්න උත්සාහ කරනවා. පිට පිට අවුරුද්දක අවසන් මහා තරග ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. මට රසිකයින්ගේ පණිවිඩ ලැබෙනවා ඔබලා අපිට හාට් ඇටෑක් හදෝනවා කියලා.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top