ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන්නේ ඇයි? විස්ඩන් සගරාවෙන් පැහැදිලි කිරීමක්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට හිටපු තුන් ඉරියව් නායක සහ ප්‍රවීණ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් නොවන්නේ ඇයි. විස්ඩන් වෙබ් අඩවිය කළ පැහැදිලි කිරීම මෙන්න.

මැතිව්ස් ජුනි මාසයේදී පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කරන ලදී. ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනිමින් ලෝක කුසලාන තරගාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. ඔහුගේ හොඳ එක්දින දත්ත වාර්තාවක් තිබියදීත් ඇන්ජිලෝහට ලෝක කුසලාන වරම් හිමි නොවන ලකුණු දක්නට ඇත.

මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 221කට ක්‍රීඩා කර ඇති අතර පිතිකරණ සාමාන්‍ය 40 ඉක්මවා ඇත. ඔහු එක්දින ආකෘතියේ ශතක තුනක් හා අර්ධ ශතක 40 ක් රැස්කිරීමට සමත් වී ඇත. ඔහු කඩුලු 120 ක් ද දවාගෙන ඇති ක්‍රීඩකයෙකි. ලෝක එක්දින පිටියේ ලකුණු 5000ක් රැස්කළ හා කඩුලු 100ක් දවාගත් ක්‍රීඩකයන් 22 අතුරට මැතිවුස්ද ඇතුළත්ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගවලදී මැතිව්ස්ට වඩා වැඩි ලකුණු සහ කඩුලු දවාගෙන ඇත්තේ සනත් ජයසූරිය පමණි.

2019 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූයේ මැතිව්ස් ය. ඔහු ඉන්දියාවට එරෙහිව ලබාගත් ශතකය ද ඇතුළුව තරගාවලියේදී ලකුණු 244ක් රැස් කළේය. එංගලන්තයට එරෙහිව ලද අමතක නොවන ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වූ ඔහු නොදැවී ලකුණු 85ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, 2019 මැතිව්ස් එක්දින ආකෘතියේ යම් කඩා වැටීමකට ලක්විය. වසර අග භාගයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟාවලියකදී ඔහු අර්ධ ශතක දෙකක්(ලකුණු 52*, ලකුණු 87) සහ ලකුණු 48ක් රැස්කළ නමුත් එතැන් සිට නැවත අර්ධ ශතකයක් රැස්කිරීමට ඔහුට නොහැකි වී ඇත. දසුන් ශානක පහළ මැදපෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක් වන්නේ ශ්‍රී ලංකාවේ මීළඟ එක්දින තරගාවලිය සඳහා මැතිව්ස් පාකිස්තානයට නොයෑමට තීරණය කළ තත්වයක් තුලදීය.

ඉන්පසුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි මීළඟ තරඟාවලිය සඳහා මැතිව්ස් තෝරා ගනු ලැබූ නමුත් ඉනිම තුන තුළදී ඔහු රැස්කළේ ලකුණු 12ක් පමණි. කෙසේ වෙතත්, ඔහු තෙවැනි එක්දින තරගයේ දී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අතර, ඔහුගේ අවසන් පන්දුවාර තුනේදී කඩුලු 4ක් දවා ගත්තේය. කොවිඩ් තවත්වයෙන් අනතුරුව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට එක්වූ අතර එම තරගමාලාවේ එක් තරගයක් ක්‍රීඩා කරමින් ලකුණු 5ක් පමණක් ලබාගෙන සිටි මැතිව්ස් පෞද්ගලික හේතූන් මත යළි මෙරටට පැමිණියේය. බංග්ලාදේශය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සංචිතය තේරීමේදී, නවක ක්‍රීඩකයන් වෙත අවස්ථාව ලබා දුන් තේරීම් කමිටුවක් විසින් මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ඉවත් කළහ.

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා තරඟාවලිය සඳහා මෙම වසර මුලදී ඔහුව කැඳවන තෙක් එක්දින ආකෘතියෙන් වසර දෙකක පමණ ඈත්ව සිටින්නට මැතිවුස්ට සිදුවිය . මැතිව්ස් ආපසු කණ්ඩායමට ගෙන ඒමට තීරණය වූයේ ඉන්දියාවේ පැවති එක්දින තරඟාවලිය අවමන් සහගත ලෙස පරාජයට පත් වූ පසුවයි. ශ්‍රී ලංකාව තරඟ තුනම පරාජයට පත් වූ අතර අවසන් තරඟයේදී ලකුණු 73කට දැවී ගියේය. පරාජයෙන් පසුව, ලෝක කුසලානයට පෙර සංචිතය ඉහළ නැංවීම සඳහා තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තෝරා ගන්නා ලෙස විවිධ පාර්ශව වලින් ඉල්ලා සිටියහ

අනතුරුව ඔහුව ඇෆ්ගනිස්තානය සමගින් පැවති එක්දින තරගාවලියේ පළමු තරගයට මැතිව්ස් ක්‍රීඩා කළ ද එහිදී ඔහු ලකුණු 12කට දැවී ගියේය. මැතිව්ස් අවසන් වරට ක්‍රීඩා කළ තරග 3දීම පන්දු යවා නැත. මැතිව්ස් වෙනුවට ශ්‍රී ලංකාවේ මැදපෙළ ශක්තිමත් කරන්නේ වසර හතරකට පසු කණ්ඩායමට පැමිණි සධීර සමරවික්‍රමගෙනි. මැතිව්ස්ට වඩා චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ද දක්ෂතා අතර සිටින ඇති අතර ඔවුන් දෙදෙනාම මේ වසරේ අර්ධ ශතක කිහිපයක් ලබා ඇත. මැතිව්ස් ශ්‍රී ලංකාවට සියලු ආකාරයේ විශිෂ්ටයෙකු විය හැකි නමුත් ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය අවසන් වී ඇති බව පෙනේ.

උපුටා ගැනීම – විස්ඩන් වෙබ් අඩවිය[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top