Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවට ජය මාවත හෙලි කරයි.

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගායෙන් ලකුණු 6 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංලකා කණ්ඩායම සමත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දුන්නේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇනජලෝ මැතිව්ස්. තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ පළමු තරග 2 ම ජය ගැනීමෙන් පසුවයි. එම තරග සදහා ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිදු වෙනසක් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයටද ක්‍රීඩා කළා. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සබධතාවක් ගොඩ නැගීමට ඔවුන් දෙදෙනා සමත් වුණා. අවිශ්ක දැවී ගියේ ලකුණු 29 කට. දිමුත් කරුණාරත්න ලකුණු 44 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 44 යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියු වූ කුසල් මෙන්ඩිස් මෙහිදී වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ 17 වැනි අර්ධ ශතකයයි. ඔහු ලකුණු 55 ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා තම එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි ශතකය වාර්තා කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51 ක්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී ලකුණු 307 ක් රැස් කළා. පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් කඩුලු 4 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 308 ක ඉලක්කයක් හඹා යමින් ඉටහිර ඉන්දීය කොදෙව් ඉනිම ආරම්භ කළේ ශායි හෝප් සහ සුනිල් ඇම්බ්‍රීස්. ඔවුන් දෙදෙනා තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ගොඩනැගූ සබධතාව ලකුණු 111 ක්. පළමු කඩුල්ල ලෙස 60 කට දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් හමුවේයි. ශායි හෝප් ලකුණු 72 ක් රැස් කළා. නිකලස් පූරන් ලකුණු 50 යි. ඔහු දවා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස්. 3 වැනි කඩුල්ල ලෙස පූරන් දැවී යන විට කොදෙව් ලකුණු පුවරුව 218 ක් ලෙස සටහන්ව තිබුණා. අනතුරුව ඩැරන් බ්‍රාවෝ ලකුණු 8 කට දුවද්දී දැවී ගියා. ඒ වන විට තරගයේ ජයග්‍රහණය දෙපිළටම දෝලනය වෙමින් තිබූ අතර කිරන් පොලාඩ් එය තම කණ්ඩායම වෙක ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණා. නමුත් පොලාඩ් පන්දු 50 කට මුහුණ දෙමින් ලකුණු 49 ක් ලබා සිටියදී දවා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු තම 3 වැනි කඩුල්ල ලෙස ජේසන් හෝල්ඩර් ලකුණු 8 කට දවා ගත්තා. පන්දු 15 කදී ලකුණු 37 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට යළිත් තර්ජනයක් එල්ල කළ ෆාබියන් ඇලන් දවා ගත්තේද ඇන්ජලෝ මැතිව්ස්. ඒ හතරේ සීමාව අසලදී කුසල් මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන්. කොදෙව් කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 301 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 6 කින්.

2015 වසරින් පසුව එක්දින තරගයකදී පන්දු වාර 10 ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 59 කට කඩුලු 4 ක් දවා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයායි. තරගාවලිය පුරා දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් යොවුන් ක්‍රීඩක වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය ජය ගත්තේ තරග 3 ට 0 ක් ලෙසයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top