[vc_row][vc_column][vc_column_text]එළඹෙන ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේදී ඇන්ජිලෝ මැතිවුස් පන්දුවාර කීපයක් යොමු කිරීමට සුදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි.
ඇන්ජිලෝ මැතිවුස් ප්‍රකාශ කොට ඇත්තේ ඔහු පසුගිය දින කීපයේදී පන්දු යැවීම සදහා පුහුණුවීම් කටයුතු සිදු කළ බවයි. දෙවන ටෙස්ට් තරගයේදී පන්දුවාර කීපයක් යැවමින් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබාදීමට තමා සූදානම් බවද ඇන්ජිලෝ මැතිවුස් ප්‍රකාශ කොට ඇත.
ඇන්ජිලෝ මැතිවුස් පන්දු යවන්නේ නම් දසුන් ශානකහට ස්ථානය අහිමිවීමට වැඩි ඉඩක් පවතී. එසේ වුවහොත් ඔහු වෙනුවට රමේෂ් මෙන්ඩිස් මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇත.
2017 වසරේ ජනවාරි මස දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගෙන් පසු ඇන්ජිලෝ මැතිවුස් ටෙස්ට් පිටියේ පන්දු යවා නොමැත. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කඩුලු 33ක් දවාගැනීමට මැතිවුස් සමත්වී ඇත.
– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]