ඇවිදින මංතීරු ආශ්‍රිතව යෝග්‍යතා සමාජ පිහිටුවීමට යයි

[vc_row][vc_column][vc_column_text]බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රවණතාවය අඩු කිරීම සදහා ජනතාව අතරට ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් රැගෙන යාමට හා ක්‍රීඩා සංස්කෘතියක් රට තුල ඇති කිරීම අරමුණු කරගත් ”ශාරීරික යෝග්‍යතා සමාජ” ඇති කිරීමේ වැඩසටහනේ පළමු අදියර බස්නාහිර පළාතේ ඇවිදින මංතීරු ආශ්‍රිතව ක්‍රියාකාරීව සේවයේ යෙදෙන ශරීර සුවතා උපදේශකවරු සදහා හමුවක් අද (17) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුුණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පුකාශ කර සිටියේ ”මෙතෙක් විවිධ ප්‍රදේශවල ඉදි කර ඇති ඇවිදින මංතීරු හා අය වැය තුලින් යෝජිත ඇවිදින මංතීරු 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි මේ පුහුණුකරුවන් නියාමනය කිරීම සහ පුහුණුකරුවන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම. උදාහරණයක් ලෙස ගත් විට අනෙකුත් සෑම ක්‍රීඩාවකටම ජාතික සංගමයක්, ක්‍රීඩා සංගමයක් සමග ජාතික මට්ටමේ අධික්ෂණයක් තිබෙනවා. ඒම පුහුණුකරුවන්ට ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පුහුණු කරුවෙකු ලෙස ශ්‍රේණිගත සුදුසුකමක් තිබෙනවා. නමුත් තිබෙන ගැටලුව තමයි ලංකාවේ කාය වර්ධන මධ්‍යස්ථාන කීයක් තිබෙනවාද? ඒහි පුහුණුකරුවන් සුදුසුකම් ලබා තිබෙන්නේ කුමණ ආකාරයකටද කියන ඒක හොයාගන්න බැරි වීම. ඊලග වසරේ ඒ් සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ තොරතුරු රැස් කිරීමක් සිදු කරන්න බලාප‌ොරොත්තු වෙනවා.” යන්නයි.

නිතර දකින්න ලැබෙන ජාතික මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සදහා ශරීර යෝග්‍යතා පුහුණුව මෙන්ම මානසික සුවතාවයද ලබා දෙමින් මහගු සේවයක් කරන ටොරින්ටන් අවට ඔබ වැනි පුහුණුකරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විය යුත්තේ කුමක්ද? මේ සදහා හොද පිළිගැනීමක්, තත්වයක් සකස් කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද, තව දුරටත් ඔබගේ සේවය වැඩි දියුණු කිරීමට රාජ්‍ය මට්ටමින් සිදු විය යුතු දේවල් ගැන සාකච්ඡා කිරීමට තමයි මෙහි ආරම්භයක් ලෙස අද අපි මේ රැස්වෙලා සිටින්නේ”

එහිදී පුහුණුකරුවන් තම සේවය සිදු කරගෙන යාමේදී මුහුණපාන අපහසුතා පිළිබද සාකච්ඡා කරන ලදි. ඔවුන්ගේ වෘත්තීය භාවය හා දැනුම පිළිබද කඩයිම් පරීක්ෂණ මගින් ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම, පිළිගත් හැදුනුම්පතක් නිකුත් කිරීම, එක් පුහුණුකරුවෙකු සදහා ක්‍රීඩකයෙකු භාර දී එම ක්‍රීඩකයාගේ ශරීරික ව්‍යායාම පුහුණුකරු බවට පත්වීම,අවශ්‍ය මංතීරු කෘතිම ධාවන පත යොදා නවීකරණය කිරීම ආදී බොහෝ කරුණු කෙරෙහි අවධානය යොමු විය.

සාකච්ඡාවෙන් අනතුරුව ජාතික ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශරීර සුවතාවයේ වටිනාකම ජනතාවට දැනුවත් කිරීම, පුහුණුකරුවන් ක්‍රමවත් පුහුණුවකට යොමු කිරීම හා ඔවුන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම, ශාරිරික ව්‍යායාම මංතීරු වෙත ජනතාවගේ සහභාගීත්වය වැඩි කිරීම සදහා පෙළඹවීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම යන කරුණු සිදු කිරීමට ද යෝජනා විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒ්කනායක යන මහත්වරුන් ද කොළඹ ප්‍රදේශයේ ශරිර සුවතා පුහුණුකරුවන් පිරිසක් ද සහභාගී විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top