ඇෆ්ගනිස්තානයට තවත් පරාජයක්

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර 20-20 තරගාවලිය ආරම්භ කරමින් අද ඉන්දියාවේ ලක්නව්හි එක්නා ක්‍රීඩාංගනයේ පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 30කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන් වෙත පිරිනැමූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 41 කදී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය. මේ සඳහා ඔහු හතරේ පහර හතරක් හා හයේ පහර හයක් අන්තර්ගත කොට තිබුණි.. ඔහුට අනගි සහායක් ලබා දෙමින් නායක පොලාර්ඩ් පන්දු 22 කදී ලකුණු 32ක් ලබා ගත් අතර කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ගුලාබ්දීන් නයිබ් ලකුණු 24 ට කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් විය.

ලකුණු 165ක් ඉලක්කයක් හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට සාර්ථක සාර්ථක වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් කොදෙව් පන්දු යවන්නන් ආරම්භයේ සිට ම තරඟයේ ග්‍රහණය තමන් වෙත රදවා ගනිමින් පන්දු යැවීමට සමත් විය.. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානයට සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 134ක් පමණි. ඇෆ්ගන් ඉනීමේ වැඩිම ලකුණුලාභියා වෙමින් නජිබුල්ලා සධ්‍රාන් ලකුණු 27 ක් ලබා ගත් අතර ඇස්ගර් ඇෆ්ගන් ළකුණු 25ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විලියම්ස් කඩුලු 3ක් හා පොලාර්ඩ් කඩුලු 2ක් ලබා ගන්නා ලදි.

බටහිර ඉන්දීය කොදෙව් 164 – 5 (20) ලුවිස් 68 , පොලාර්ඩ් 32 නයිබ් 2 – 24
ඇෆ්ගනිස්තානය 134 – 9 (20) නජිබුල්ලා 27, ඇස්ගර් 25 විලියම්ස් 3 – 17.

තරගයේ වීරයා කිරන් පොලාර්ඩ්

– චානා-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top