ඇෆ්ගනිස්තාන තරගයේ ප්‍රතිඵලයෙන් පසුව අපි සියලු දෙනා දැඩි කළකිරීමට පත් වුණා – ක්‍රිස් සිල්වර්වුඩ්

ඉන්දීය තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් අදහස් දක්වා ඇත. එහිදී ඔහු ඉන්දීය කණ්ඩායම පිළිබඳව, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද පරාජය පිළිබඳව, ධනංජය හා චරිත්ගේ රිද්මය පිළිබඳව හා යොවුන් ක්‍රීඩකයන් වන දිල්ෂාන් හා දුනිත් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ආසියානු කුසලානයේ පරාජය අපිට මෝටිවේෂන් එකක් ලබාදෙනවා කියලා මම හිතන්න කැමතියි. ආසියානු කුසලානයේ පරාජය හෙට තරගයේදී පැහැදිලිවම සටනක් ලබාදීමට පොළඹවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔවුන් ඉතා හොඳ කණ්ඩායමක්, අපි දන්නවා, ඔවුන් මේ තරඟාවලියේ හොදින් ක්‍රීඩා කරනවා අපි දැකලා තියෙනවා. ඒත් මම හිතන්නේ අපේ ක්‍රීඩකයන්ටත් තමන් හදාගත්ත දේවල් පෙන්නන්න ඒක හොඳ අවස්ථාවක්. ඉතින් ආසියානු කුසලානයේ පරාජය අපිට දිරිගැන්වීමක් ලබාදේවි කියලා බලාපොරොත්තු වෙනවා.

හොඳයි, මම හිතන්නේ ඉන්දියාවට එරෙහිව පැහැදිලිවම ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමත් මෝටිවේෂන් එකක්. මම අදහස් කරන්නේ ඔබේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමත් මෝටිවේෂන් එකක්. ඒ නිසා මම හිතන්නේ ක්‍රීඩකයන් සටනට සූදානම්. අපි සමහර අවස්ථාවලදී හොදින් ක්‍රීඩා කර ඇති නිසා අපි එය හෙටත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි හැමදාම කරන විදියටම ලෑස්ති ​​වෙලා තියෙනවා, ඉතින් ක්‍රීඩකයන් ලෑස්තියි. ඉන්දියාව පරාජය කිරීමට ඉතා අපහසු කණ්ඩායමක් බව අපි දන්නවා.

ඇෆ්ගනිස්ථාන තරගයේ ප්‍රතිඵලයෙන් පසු අනෙක් රාත්‍රියේදී අපි සියලු දෙනාම දැඩි කලකිරීමකට පත්වුණා. මම හිතුවේ ඔවුන් හොදින් ක්‍රිකට් ක්‍රීඩා කරලා ඔවුන් ප්‍රගතිශීලී කණ්ඩායමක් බවත් ඔවුන් ප්‍රතිවාදීන්ව පරාජය කිරීමට ඉතා දක්ෂ බවත් පෙන්නුවා කියලයි. අපි පසුව ක්‍රීඩාගාරයේ දී ඉතා හොඳින් කතාබස් කර, අපට දැනුණු ගැටළු කිහිපයක් විසඳගත්තා. අපි එය දැන් ප්‍රායෝගිකව කිරීමට උත්සාහ කරමු. එහෙනම් අපි හෙටට ලෑස්ති ​​වෙමු.

ධනංජය සහ චරිත් දෙදෙනාට අත්දැකීම් තියෙන බව අපි දන්නවා සහ ඔවුන් දෙදෙනාම විවිධ ස්ථානවල ලකුණු රැස් කරන ආකාරය අපි දැක තිබෙනවා. ඉතින්, මම කිව්වේ, ක්‍රිකට් ක්‍රීඩාවේදී, හැමෝම හැම වෙලාවෙම දස්කම් දක්වන්නේ නැහැ, නමුත් වාසනාවකට මෙන් අපට රිද්මයේ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. මම කියන්නේ කුසල් මෙහි හොද ඉනීම් කිහිපයක් ක්‍රීඩා කරා. සදීර මිස්ටර් කොන්සිස්ටන්ට් වෙලා තියෙනවා. පැතුම් ඒ අනුපිළිවෙලෙහි ඉහළින්ම ඉන්නවා.

අපි හොඳ ආරම්භයක් ලබා ගන්නා විට, අපි ශක්තිමත් ලෙස ඉනිම අවසන් කිරීමට සහ පැහැදිලිවම විශාල ලකුණක් කරා යාමට කිරීමට වග බලා ගන්න ඕනා, ඊට පස්සේ මැද භාගයේදී කඩුලු ලබා ගැනීම අපි නිරන්තරයෙන් කරන දෙයක්. හොඳ කඩුලු ලබා ගැනීම පහසු නැත, නමුත් අපි එම කඩුලු දවා ගැනීමේ ක්‍රමයක් සොයා ගත යුතුය. එසේ නොමැති නම්, ඔබ අනෙක් පුද්ගලයින්ට ලොකු ලකුණක් ලබා ගැනීමට ඉඩ සලස්වනවා.

ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය ඉතා ප්‍රබල එකක්. මම හිතන්නේ ලෝකයේ ඕනෑම කණ්ඩායමකට අවංකවම එවැනි පන්දු බලඇණියක් අවශ්‍යයි. නමුත් ඒක අපේ ක්‍රීඩකයන්ට ලොකු අභියෝගයක් විදිහටයි අපි දකින්නේ. අපි එය දකින්නේ හොඳම ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට තිබෙන අවස්ථාවක් ලෙසයි. නමුත් එය ඉතා හොඳ පන්දු යැවීමේ බලඇණියක් කියන එක සැඟවන්න දෙයක් නෙවේ.

වෙල්ලාලගේ කියන්නේ ඉතා දක්ෂ තරුණ ක්‍රීඩකයෙකි, අපි එය දන්නවා, ඔහුට ඉතා දීප්තිමත් අනාගතයක් ඔහු ඉදිරියේ ඇතැයි මම සිතනවා. නමුත් මම මේ මොහොතේ කණ්ඩායම් උපක්‍රම ගැන සාකච්ඡා කරන්න කැමති නෑ.

දිල්ෂාන් විශිෂ්ට ක්‍රීඩකයෙක්. මම හිතන්නේ අපි දැකපු දෙයක් තමයි ඔහු හොඳ පන්දු යවමින් හොඳ ක්‍රීඩකයන් දවාගන්නවා. ඉතින්, මම ඔහු ගැන ඇත්තටම සතුටු වුණා. මේක කාලෙක ඉඳන් එනවා. ඔහු ක්‍රීඩා කළ වෙනත් විවිධ තරඟ වලදී අපි ඔහුව දැක ඇති අතර ඔහු ඉතා හොඳ තරුණ පන්දු යවන්නෙක්. අපි ඉතා ආඩම්බර වන කරුණක් තමයි අපට ඉතා හොඳ තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටීම ගැන

Back To Top