[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ බී කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ඊයෙ ලාහෝර් හි දී පැවැත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති මෙම තරගයෙන් අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමට ලකුණු 292ක ඉලක්කය පන්දුවාර 31 පන්දු එකක් තුළදී ලබාගැනීමට ඇෆ්ගනිස්තානයට සිදුවුණා. නමුත් අවසන් මොහොතේ ලකුණු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. නමුත් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතර අතරට යාමට තවත් අවස්ථා කිහිපයක් තිබුණි. ටෙස්ට් ක්‍රීඩා කරන රටකට දල ලකුණු වේගය ගණනය කිරීම් ගැන අවබෝධයක් නොතිබීමේ අභාග්‍යසම්පන්න ඉරණම ලෙසින් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.
මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සලයට පැමිණිල්ලක් කොට තිබෙනවා. ඒ ඔවුනට එම තරගයේදී අසාධාරණයක් සිදු වූ බව පවසමින්. පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක නසීම් සදාත් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කොට ඇත.
ඔහු සඳහන් කොට ඇත්තේ මෙම කාරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වූ නිලධාරීන්ට දඬුවම් කරන මෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින බවයි. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේද නොසැලකිලිමත් බව ඔප්පු වුවහොත් ඔවුන්ට ද දඬුවම් කරන බව සදාත් පවසා ඇත.[/vc_column_text][/vc_column][/vc_row]