[vc_row][vc_column][vc_column_text]ලකුණු 292 ක ඉලක්කය හඹා ගොස් 2023 ආසියානු කුසලානයේ සුපිරි 4 අදියර සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානයට ඕවර 37 පන්දු 1ක් හෝ ඊට අඩුවෙන් තරගය අවසන් කළ යුතු විය. නමුත් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතර අතරට යාමට තවත් අවස්ථා කිහිපයක් තිබුණි. ටෙස්ට් ක්‍රීඩා කරන රටකට දල ලකුණු වේගය ගණනය කිරීම් ගැන අවබෝධයක් නොතිබීමේ අභාග්‍යසම්පන්න ඉරණම ලෙසින් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඊයේ ලාහෝර් හි පැවති B කාණ්ඩයේ තරඟයෙන් ලකුණු 2 ක පරාජයක් ලබා තරඟාවලියෙන් ඉවත් වූ පසු තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් පැවසුවේ, එම ගණනය කිරීම් ඔවුන්ට කිසි විටෙකත් සන්නිවේදනය නොවූ බවයි.
” අපට දැනුම් දුන්නේ පන්දුවාර 37.1කදී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බව. 295ක් හෝ 297ක් ලබා ගත හැකි පන්දුවාර මොනවාදැයි අපට කීවේ නෑ. ඕවර 38.1කදී අපට දිනිය හැකි බව කිසිවිටෙක අපට දැනුම් දුන්නේ නෑ”
ඇෆ්ගනිස්තානයට අවසන් කණ්ඩායම් හතරට පිවිසීමට තිබූ අවස්ථාවන් පහත පරිදි විය
ඕවර් 37.1 – ලකුණු 292 ක්
ඕවර 37.2 – ලකුණු 293 ක්,
ඕවර් 37.3 – ලකුණු 294 ක්,
ඕවර් 37.4 – ලකුණු 295 ක්,
ඕවර් 37.5 – ලකුණු 295 ක්, (මෙවිට කාසිය උඩ දැමීමෙන් ජයග්‍රාහකයන් තීරණය කරයි)
ඕවර් 38 – ලකුණු 296 ක්,
ඕවර් 38.1- ලකුණු 297 ක්,[/vc_column_text][/vc_column][/vc_row]