[vc_row][vc_column][vc_column_text]දකුණු අප්රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 7 වැනි ස්ථානය සදහා තරගය පැවැත්වුණේ දකුණු අප්රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර.
එහි කාසියේ වාසිය හිමි කර ගත්තේ දකුණු අප්රිකාවයි. ඔවුන් පළමුව පන්දුවට පහර තීරණය කළා. ඒ අනුව දකුණු අප්රිකාවට පන්දු වාර 39 යි පන්දු 3 ක් අවසානයේදී සියලු ක්රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 154ක් පමණයි. ජොනතන් බර්ඩ් ලකුණු 34 ක් රැස් කළා. පන්දු යැමීමේදී සෆිඋල්ලා ගෆාරි ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගත් අතර ෆසාල් හක් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිලිතුරු ලෙස ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 40 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් රැස් කරමින්. ඊබ්රහිම් සඩ්රාන් ලකුණු 73 යි. සෙඩිකුල්ලා අටාල් ලකුණු 40 ක් ලබා ගත්තා. තරගයේ වීරයා සෆිඋල්ලා ගෆාරි.[/vc_column_text][/vc_column][/vc_row]