ඉතිහාසය වෙනස් වූ පකිස්ථාන තරගාවලිය

[vc_row][vc_column][vc_column_text]- චානක මධුසාගර

ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කණ්ඩායම හමුවේ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ඉතිහාසයේ ප්‍රථමවතාවට ලබා ගැනීමට ඊයේ දින ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී සමත්විය..

සුන්දර මතකයන් රැසකට හිමිකම් කියන ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ ලද ජයග්‍රහණය 2014 ලෝක කුසලාන විස්සයි විස්ස ජයග්‍රණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලද විශිෂ්ඨතම තරගාවලි ජයග්‍රහණය ලෙසට ඉතිහාසයට එක්වනු ඇත..

මක්නිසාද ලොව 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයේ රැදී සිටී පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ මව්බිමේදී සම්පූර්ණ තරගාවලි පරාජයකට පත්කළ ප්‍රථම කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වීම නිසාවේ.

එසේම නම් දරා සිටින සුපිරි ක්‍රීඩකයන් රැසකගේ සේවය අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලද ජයග්‍රහණයක් බැවින් මෙම ජයග්‍රහණයේ වටිනාකම ඉතාමත් ඉහළය.

තරගාවලියට පෙර 3-0ක තරගාවලිය පරාජයයක් ලියැවී තිබුණු කණ්ඩායමක් ලෙස තරගාවලිය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අංශක් 180ක් එම ප්‍රථිපලය වෙනස් කරමින් 3-0ක පරාජයක් පාකිස්තානයට උරුමකර දීමට සමත්විය..එම තරගාවලි පරාජය පාකිස්තාන මාධ්‍ය මේ මොහොත වනවිට දැඩිව විවේචනයට ලක් කරන අතර විශේෂයෙන්ම නායක සෆ්‍රාස් අහමඩ් හා පූර්ණ බලතල සහිත පුහුණුකරු ,තේරීම් කමිටු සභාපති , පිතිකරණ පුහුණුකරු ලෙස ක්‍රියා කරන මිශ්බා උල් හක් ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇත

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සොයා ගැනීම බවට වනිදු හසරංග ද සිල්වා පත්විය..විශේෂයෙන්ම වසර කිහිපයක් පුරාවටම අඩුවක්ව පැවති පාදග පන්දු යවන්නෙකුගේ හිස්තැතට තමා සුදුසුකම් සපුරා ඇති බව ඔහු මෙම තරගාවලියේ පෙන්නුම් කරන ලද්දේ අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම ඔහුගේ නමට ලියා ගනිමිනි..

එසේම හසරංග හට දැල් තුලදී පන්දුවට පහරදීමේ වාසිය උපරිමයෙන් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙතෙක් කලක් පාදග පන්දු යවනන්ට මුහුණදීමේ භීතිකාවෙන් මිදීමට සමත් විය.
පකිස්තාන පාදග පන්දු යවන ක්‍රීඩක ශහදාබ් ඛාන් ඉදිරියේ පහසුවෙන් ලකුණු ලබා ගැනීම තුළින් එය මානාවට දිස් විය

එසේම වසර 10 ක් පුරාවටම කණ්ඩායමේ අවස්ථාවක් සොයමින් සිටි භානුක රාජපක්ෂ තමා හට පමාවී පැමිණි ලාහෝර් වසන්තය උපරිමයෙන් උකහා ගනිමින් තමාගේ ක්‍රිකට් ජීවිතය අහිමි වූ වසර දහයටම සරිලන පරිදි පිත්තෙන් පිළිතුරක් ලබා දීමට ඔහු සමත් විය..ඒ අනුව භානුකගේ මෙම සම්ප්‍රාප්තිය මෙතෙක් කලක් ඔහු වෙනුවෙන් බලා සිටි ප්‍රේක්ෂකයන් හට ඔහුගෙන් ලැබුණු තිළිණයක් විය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් සොයමින් සිටි ධනුෂ්ක ගුණතිලක ද ලද අවස්ථාවන් උපරිම ප්‍රයෝජන ගනිමින් අසන්ත ද මෙල් මහතාව සුන්දර පඹ ගාලක පටලනු ලැබුවේ මීළඟ ඕස්ට්‍රේලියානු සංචාරයට තමා සුදුසු ක්‍රීඩකයකු බව පසක් කරමිනි.. විශේෂයෙන්ම ගුණතිලක කරච්චිහීදී ලද ශතකය ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුළ ලද උත්තේජනය විය..

එසේම නායක දසුන් ශානක තමා නායකයෙකු ලෙස තමා ඕනෑම අවස්ථාවක වගකීම භාර ගැනීමට සූදානම් බව හා පිතිකරුවෙකු ලෙස ඕනෑම ආකාරයක තත්වයක ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටුවට ඔහු මෙම තරගාවලිය තුළ දී පෙන්නුම් කිරීමට සමත් විය..එනම් තමා යනු තැනේ හැටියට ඇණේ ගැසිය හැකි ක්‍රීඩකයකු බව මෙම තරගාවලිය තුළදී ඔහු පෙන්වීමට සමත් විය.

අනෙක් සුවිශේෂීතම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා වන්නේ කසුන් රාජිත වේ..ලැබෙන සීමිත අවස්ථාවන්වල දී යම් දක්ෂතාවයක් පෙන්නුම් කළ ඔහු නොකඩවා තරග ලැබෙන විට තමා තරග දිනවිය හැකි පන්දු යවන්නෙකු බව මෙම තරගාවලිය තුළදී ඔප්පු කරවීමට සමත් විය.

එසේම නුවන් ප්‍රදීප් තම අත්දැකීම් නියමාකාරයෙන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය මෙහෙයවූ අතර විශේෂයෙන්ම අවසන් පන්දුවාර තුළදී ඔහුගේ පන්දු යැවීම කැපී පෙනුණි.එසේම ඔහුගේ මුල් පන්දුවාර තුළදී තරගයේ හැරවුම් ලක්ෂයක් වන කඩුල්ලක් දවා ගනිමින් ඔහු ශ්‍රී ලංකා දෙසට තරගය රැගෙන ඒමට සමත් විය.

එසේම ෂෙහාන් ජයසූරිය , මිනෝද් භානුක , ඕෂධ ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ලද අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් අතර ඕෂධ ප්‍රනාන්දුගේ ඊයේ තරගයේ ඉනීම තරගයේ වීරයා වන්නට තරම් සුදුසු මට්ටමක තිබුණි…

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මංගල 20-20 තරගයේ දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව , මංගල 20 – 20 තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ ප්‍රථම අර්ධ ශතකය , පාකිස්තාන තුළ විදෙස් ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම 20-20 ලකුණු සංඛ්‍යාව යන වාර්තා ත්‍රිත්වයම ඕෂධ සිය නමින් ලියා ගැනීමට ඊයේ සමත් විය.

එසේම අමතක නොකළ යුතු ක්‍රීඩකයෙකු ලෙස නිත්‍ය නායක ලසිත් මාලිංග හැදින්විය යුතුය… මක්නිසාද ඔහු නායකත්වයට පැමිණීමෙන් පසු තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වන දසුන් ශානක , ශෙහාන් ජයසූරිය ,වනිදු හසරංග , ළහිරු මදුසංක වැනි ක්‍රීඩකයන් රැසකට අසාර්ථක වන සෑම විටකම අවස්ථාව ලබා දෙමින් නායකයෙකු ලෙස ඔවුනට ලබාදුන් විශ්වාසය නිසා වේ…(මාලිංගගේ නායකත්වයේ අඩුපාඩු ඇත.)

එසේම රුමේෂ් රත්නායක මහතා ක්‍රීඩකයන් කළමනාකරණය හා මෙහෙය වීම විශිෂ්ඨ ලෙස සිදුකළ අතර ඉතාමත් ළගින් ක්‍රීඩකයන් හා සිටිමින් ඔහු තාවකාලික පුහුණුකරු ලෙස විශිෂ්ඨ භූමිකාවක් නිරූපණය කිරීමට සමත්විය… අසන්ත ද මෙල් මහතා නැවතත් තමා මෑත කාලයේ බිහිවූ හොද තේරීම් කමිටු සභාපති වරයෙක් බව පෙන්වීමට සමත් වූ අතර ඔහුගේ ලෝක කුසලාන සංචිතය නොසිටි දනුෂ්ක ගුණතිලක ,දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 50 ටවඩා ලබාගත් ක්‍රීඩකයන් වූ අතර වනිඳු හසරංග ද සිල්වා පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලද තරගාවලි ජයග්‍රහණයත් සමඟින් 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රසාද ලකුණු 237ක් ලබා 7වන ස්ථානය තෙක් එක් පිම්මක් ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට මීළඟ තරගාවලි අභියෝගය හිමි වන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින්‍ ය.. එම තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිත අතර අසන්ත ද මෙල් මහතා පැවසූ පරිදි තවත් ක්‍රීඩකයන් දෙදෙනකු හෝ තිදෙනකු ලසිත් මාලිංග සමගින් මෙම කණ්ඩායමට එක් වනු ඇත… එම ක්‍රීඩකයන් අතර බොහෝ විට බොහෝ විට කුසල් මෙන්ඩිස් , කුසල් පෙරේරා , නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් නායක මාලිංග සමගින් සිටීමේ වැඩි ඉඩක් පවතින අතර ඔවුන්ගේ එක් වීමත් සමඟින් තව දුරටත් සවිමත් වන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රියානු භූමියේ දී තරඟාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත…

මේ අනුව එම තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් කදවුරු බදින්නට ශ්‍රී ලංකාවට හැකිවේවා යන්න ක්‍රීඩාලෝලීන් වන අප සැමගේ ප්‍රාර්ථනය වේ.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top