ඉදිරි තරගාවලි ගැන මලල ක්‍රීඩා සංගමයෙන් නිවේදනයක්

[vc_row][vc_column][vc_column_text]

ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තෝරාගත් ඉසව් 9 ක් පැවැත්වූ අතර, ඉතිරි ඉසව් 29 ඉදිරි කාලයේ දී අදියර වශයෙන් හෝ පැවැත්වීමට කටයුතු කරන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අදාල අදියරයන් පැවැත්වෙන ආකාරය අවම වශයෙන් මසකට පෙර හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට දන්වන බව ඒම නිවේදනයේ සඳහන්.

ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පවතින තත්ත්වය මත සැලසුම් කළ ආකාරයට පැවැත්වීමට නොහැකිවන බවත්, ඉදිරියේ දී තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තුවන බවත් මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.

තරගාවලිය පැවැත්වීමට සති හයකට පෙර අදාළ දිනය දැනුම් දෙන බව පවසන මලල ක්‍රීඩා සංගමය,  අගෝස්තු මස පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය තේරීම් තරගාවලියක් ඉදිරියේ දී තෝරාගත් ඉසව් සඳහා පැවැත්වීමට කටයුතු කරන බව පවසයි.

බොහෝවිට ඒම තරගාවලිය ජූලි මස පැවැත්වෙනු ඇති අතර, ඊට මසකට පෙර තරගාවලිය පැවැත්වෙන දිනය දැනුම් දෙනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top