ඉන්දියාවටත් තුන් ඉරියව් ප්‍රභලයෙකු අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙයි. මෙම තරගයෙන් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල්.ඉවත් කොට ඇත. ඒ සුපිරි කණ්ඩායම් හතර වටයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ දී ආබාධයට ලක් වූ නිසාවෙන්. ඔහු එම තරගයේදී පන්දු 34කදී අගනා සටන්කාමී ලකුණු 42ක් රැස්කිරීමට ද සමත් විය

ඔහු වෙනුවට ඉන්දීය සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් කැඳවා ඇත. සුන්දර් මේ වන විට එක්දින තරග තුළ දී කඩුලු 16ක් දවාගෙන ඇති අතර පිත්තෙන් ද ලකුණු 233ක් රැස්කිරීමට සමත් වී ඇත. ඔහු අද සවස කොළඹ බලා පැමිණි අතර මේ වන විටත් ඉන්දීය සංචිතය සමගින් එක් වී ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top