ඉන්දියාවට ඉන්දියාවේදි කැන්ගරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්!

[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක දැවැන්තජයක් ලබා ගැනීමට ආරන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිල සමත් විය.ඒ ජයග්‍රාහී ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගල වූ ඩේවිඩ් වෝනර් සහ ආරන් ෆින්ච් පසු කිරීමත්සමගය.

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රභලතම කණ්ඩායම් දෙකක් වෙන කණ්ඩායම් දෙකේ මෙම තරඟාවලිය වෙත සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේඅවධානය යොමුව තිබූ අතර ප්‍රථම තරඟය පැවත්වුනේ මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ 40000කට අධික ප්‍රේක්ෂක පිරිසක්ඉදිරියේය.
කාසියේ වාසිය දිනාගත් ආරන් ෆින්ච් ඉන්දීය කණ්ඩායමට පිතිකරණයේ නියලීමට ආරාධනා කල අතර සුපුරුදු ඉන්දීය පිතිහරඹය දියත්කිරීමට ඉන්දීය පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

කණ්ඩායමේ ප්‍රභලතම පිතිකරුවන් වූ විරාට් කෝලි සහ රෝහිත් ශර්මා යන දෙදෙනාවම වැඩි කාලයක් ගෙවීමට මත්තෙන් නැවතක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟයේ මුල සිටම ආධිපත්‍යය සිය කණ්ඩායම නතුව තබා ගැනීමට සමත්විය.

විරාට් කෝලි ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ලකුණු 16කට දැවී යද්දී රෝහිත් ශර්මා මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ලකුණු 10කටදැවී ගියේය.

කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරු වූ ශිකර් ධවාන් පන්දු 91කදී ලකුණු 74ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉහල නැංවීමටසමත් විය.

රිශාබ් පාන්ට් ලකුණු 28ක්ද රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28ක්ද රැස් කරමින් කණ්ඩායමේ අවසාන භාගයට යම් ලකුණු ප්‍රමාණයක් එක් කලේය.

ප්‍රභල ඉන්දීය පිතිකරු බලඇනිය සිය රටේම අසරණ කල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අතර මිචෙල් ස්ටාක් කඩුලු 3ක්ද පැට් කමින්ස් සහකේන් රිචඩ්සන් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

ලකුණු 256ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත් වූ ජස්ප්‍රිට් බුම්‍රා ඇතුලු ඉන්දීයපන්දු ‍යවන්නන් ආරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් ඉදිරියේ අන්ත අසරණ වූ අතර ඔවුන් දෙදෙනා පිටිය පුරා රිසිසේ ලකුණු රැස් කරන්නටවිය.

නොසිතූ විරූ ප්‍රහාරයකට මුහුණ දුන් ඉන්දීය කණ්ඩායමට කිසිම කඩුල්ලක් ලබා ගැනීමට අපොහොසත් වූ අතර පන්දුවාර 37.3කදී ජයග්‍රාහීඉලක්කය සම්පූර්ණ කිරීමට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් සමත් විය.

ආරන් ෆින්ච් සිය 15වන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 110ක්ද සිය 17වන එක්දින ශතකය වාර්තා කල ඩේවිඩ් වෝනර් නොදැවීලකුණු 128ක්ද රැස් කිරීමට සමත් විය.

මෙය ඔස්ට්‍රේලියාව ඉන්දියාවේ ඉන්දියාවට එරෙහිව පිට පිටම ලබාගත් සිව්වන ජයග්‍රහණය වන අතර හඹා යාමකදී ඉන්දියාව ලදවිශාලතම පරාජයද වේ.

කිසිදු කඩුල්ලක් නොදැවී සම්පූර්ණ කරන ලද දෙවන විශාලතම ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරටද එක් විය.

ලකුණු සටහන

ඉන්දියාව 255/10 (49.1)

ශිකර් ධවාන් 74, කේ. රාහුල් 47, මිච් ස්ටාක් 3/56 , පැට් කමින්ස් 2/43

ඔස්ට්‍රේලියාව 258/0

ආරන් ෆින්ච් 110* , ඩේවිඩ් වෝනර් 128*

දෙවන සහ තීරණාත්මක එක්දින තරඟය මෙමස 17 වන දින රාජ්කොට් හිදී පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top