[vc_row][vc_column][vc_column_text]
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඊයේ පැවති පළමු එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 276ක් රැස්කිරීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම පන්දු 8ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකිවිය. ඉන්දීය පිතිකරුවන් වන රුටුරාජ් ගයික්වාඩ්, ශුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදව් හා නායක ලෝකේෂ් රාහුල් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමගින් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වන්නට ඉන්දීය කණ්ඩායමට හැකිවිය. ඒ අනුව එක්දින ටෙස්ට් හා විස්සයි විස්ස යන ආකෘති තුනෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට එකවර පත් වූ ලොව දෙවන කණ්ඩායම ලෙසින් වාර්තා අතරට එක්වන්නට ඉන්දීය කණ්ඩායමට හැකිවුණා. මින් පෙර මෙවැනි දස්කමක් දක්වන්නට දකුණු අප්‍රිකාව 2012 වසරේදී සමත් වූයේ එකම අවස්ථාවකදී ආකෘති තුනෙහිම ප්‍රමුඛයා බවට පත් වෙමින්.[/vc_column_text][/vc_column][/vc_row]