ඉන්දියාව ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය අද දිනයේදී ආරම්භ වුණා. එහි පැවති පළමු තරගය වෙනුවෙන් එක්වූයේ ඉන්දීය කණ්ඩායම හා නේපාල කණ්ඩායමයි. කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසාන කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 202ක් රැස්කිරීමට සමත් වුණා. ආරම්භක පිතිකරු යසස්වි ජයිස්වාල් පන්දු 49කදී හතරේ පහර 8ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 100ක් රැස්කළා. රින්කු සිං පන්දු 15කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 37ක් නොදැවී රැස්කළා. පන්දු යැවීමේදී දීපේන්ද්‍ර සිං ලකුණු 31කට කඩුලු 2ක් දවාගත්තා.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ඉන්දීය නේපාලය නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී ලකුණු 179ක් රැස්කළා. එහිදී දිපේන්ද්‍ර සිං ලකුණු 32ක් සුන්දීප් ජෝරා ලකුණු 29ක් බැගින් රැස්කළා. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අවේශ් ඛාන් හා රවී බිෂ්නෝයි කඩුලු 3ක් බැගින් දවාගැනීමට සමත් වුණා. ඒ අනුව තරගය ලකුණු 23කින් ජයගත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top