ඉන්දියාව ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් පළමු අවසන් පූර්ව තරගය අද ඉන්දියාව හා පාකිස්තානය අතර බංගලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණය සාර්ථක බවට ඔප්පු කරමින් පාකිස්තාන ආරම්භක පිතිකරු ඔමාර් යූසෆ් හා හයිඩර් අලී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් විය. මෙහිදී අලී ලකුණු 43ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ඔමාර් යූසෆ් ලකුණු 66ක් ගැනීමට සමත් විය. මීට අමතරව සයිෆ් බඩාර් ළකුණු 47ක් ලබා ගනිමින් පාකිස්තානය පන්දුවාර 50 තුළදී ලකුණු 267 ක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වූහ. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් ශිවාම් මාවි , සුබාශ් ඩුබේ හා ශොකීන් කඩුලු දෙක බැගින් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ඉහළ දළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් පන්දුවාර තිස් එකක් අවසන් වනවිට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 179 ලබා ජයග්‍රහණය පෙනෙන මානයේ රැඳී සිටියහ.

නමුත් ඉන් අනතුරුව විශාල සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් නොවූ අතර පාකිස්තාන පන්දු යවන්නන් ලබාදුන් පීඩනය හමුවේ අවසාන පන්දු 30 තුළදී කඩුලු 5ක් අතැතිව ලකුණු 26ක් ලබා ගැනීමේ ඉලක්කයක් හිමිවිය. බැලූ බැල්මට එය පහසු ඉලක්කයක් ලෙස පෙනුනද මොහොමඩ් හස්මින් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන් ඉන්දීය ඉනිම ලකුණු 264 කට සීමා කරමින් ලකුණු 3 ක තියුණු ජයග්‍රහණයක් වෙත පාකිස්තානය රැගෙන යාමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශන්වීර් සිං ළකුණු 76ක් හා නායක බී.ආර් ශාරත් ළකුණු 47ක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී පාකිස්තාන් වෙනුවෙන් මොහොමඩ් හස්මින් කඩුලු දෙකක් හා සයිෆ් බඩාර් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

හෙට පැවැත්වීමට නියමිත ඇෆ්ගනිථානය හා බංගලාදේශ කණ්ඩායම් අතර තරඟය ජයග්‍රහණය ලබන කණ්ඩායම පාකිස්තානය සමඟින් 23 වන දා අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.

පාකිස්තානය 267 – 7 යූසෆ් 66 , බඩාර් 47 මාර්වි 2 – 53

ඉන්දියාව 264 – 8 ශන්වීර් 76 , ශාරත් 47 බඩාර් 2 – 57 හස්මින් 2 – 61[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top