චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට ඉන්දියාව සමත් වුනා. ඒ අද පැවති අවසන් තරගයේදී නවසීලන්තය කඩුලු හතරකින් පරාජය කරමින්.ඩුබායි හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ නවසීලන්ත කණ්ඩායමයි.
ඔවුන් පන්දුවාර පනහ ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 251 ක් රැස් කලා.ඩැරල් මිචෙල් ලකුණු 63 ක් රැස් කළ අතර මිචෙල් බ්රෙස්වෙල් ලකුණු 53 යි.පන්දු යැවීමේදී වරුන් චක්රවර්ති සහ කුලදීප් යාදේව් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
පිළිතුරු ලෙස ඉන්දියාව අවසන් තරගය ජය ගත්තේ පන්දුවාර 49 කදී කඩුලු 6ක් දැවී ලකුණු 254 ක් රැස් කරමින්.නායක රෝහිත් ශර්මා ලකුණු 76 යි.
ඒ අනුව ඉන්දියාව තුන්වැනි වරටත් චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සමත් වුණා.