ඉන්දියාව දෙවන ටෙස්ට් තරගයේ පාලනය ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ  දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ප්‍රථම ඉනීම ක්‍රීඩා කළ ද.අප්‍රිකාව සියලු දෙනා දැවී  ලකුණු 275 ක් ලබා ගැනීමට සමත්විය.මේ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රථම ඉනීමට ලබාගත් ළකුණු 601 වඩා ළකුණු 326ක් ද.අප්‍රිකාව පසුපසින් සිටින අතර බොහෝවිට පිට පිට දෙවන වරටත් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායම ද.අප්‍රිකාවට ආරාධනා කරනු ඇත.

අද උදෑසන තරගය ආරම්භ වනවිට ළකුණු 36කට කඩුලු 3ක් බිදවැටී තිබූ ද.අප්‍රිකානු කණ්ඩායමේ ළකුණු පුවරුව දිවා ආහාරයට තරගය නතර කරනවිට් කඩුලු 6ක් බිද වැටී ලකුණු 136ක් බවට පත්විය.මේ අතර වාරයේදී නායක ඩුප්ලෙසීස් සිය විසි එක්වන ටෙස්ට්  අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහු ළකුණු 64ක් ලබා සිටියදී  දැවීගිය අතර ඉන් අනතුරුව පිටියට එක්වූ කේශාව් මහරාජ් හා වර්නන් පිලැන්ඩර් නමවන කඩුල්ල වෙනුවෙන් ළකුණු 109ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත්විය..

ඉනීමේ වැඩිම ළකුණු ලාභියා වූ මහරාජ් ළකුණු 72ක් වාර්තා කිරීමට සමත්විය.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී රවී අශ්වින් කඩුලු 4ක් හා උමේෂ් යාදෙව් කඩුලු 3ක් ලබා ගැනීමට සමත්විය .

හෙට තරගයේ සිව්වන දිනය වේ.

ඉන්දියාව 601 -5 කෝලි 254 , අගර්වාල් 118 , ජඩේජා 91. කාර්ගීසෝ රබාඩා 3-93.

ද.අප්‍රිකාව 275 -10  මහරාජ් 72 , ඩුප්ලෙසීස් 64 , පිලැන්ඩර් 44*.

රවිචන්ද්‍රන් අශ්වින් 4 – 69 , උමේෂ් යාදෙව් 3 -37[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top