ඉන්දියාව නවසීලන්තය හමුවේ අසරණ වෙයි

ඉන්දියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා.
නවසීලන්තය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

මේ අතර නවසීලන්තය ටෙස්ට් තරගාවලියක පූර්ණ ජයග්‍රහණයක් ඉන්දියාවට එරෙහිව වාර්තා කළේ පළමු වරට වීම විශේෂත්වයක්. ඉන්දියාවේ වන්කඩේ හිදි පැවැති 3වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දින තුනකදී ජැග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් වුණා. පළමු ඉනිමට නවසීලන්තය රැස්කළ ලකුණු 235 ට පිළිතුරු ලෙස ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 263 ක් රැස් කලා. නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 174 යි. තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 147 ක් ඉලක්කයක් හිමිවුණා. නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 121ක් පමණයි. ඒ අනුව තරඟයෙන් නවසීලන්තය ජය ගත්තේ ලකුණු 25කි. තරග 3 – 0ක් ලෙස නවසීලන්තය තරගය ජය ගත්තා.

Back To Top