තරගය, ඊයේ පැවැත්වුණේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුල්ලක් දැවී ලකුණු 283 ක් රැස් කළා.
එය වාර්තා අතරට එක්වූයේ, 20 – 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ පස් වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉන්දීය කණ්ඩායම 20 -20 තරගයකදී රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. දකුණු අප්‍රිකාවේ දී කණ්ඩායමක් 20 – 20 තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
ඉන්දියාව වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වූ අතර, සංජු සැම්සන් තම තුන්වැනි 20 – 20 ශතකය සමග නොදැවි ලකුණු 109 ක් රැස් කළා. තිලක් වර්මා දෙවැනි ශතකය සමග නොදැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 120 ක්. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 210 ට නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවා.
එය, ක්‍රිකට් වාර්තා අතරට එක් වූයේ, 20 – 20 තරගයකදී ඉන්දියානු පිතිකරු යුගලයක් ද්විත්ව ශතක සබඳතාවක් ගොඩනැගු පළමු අවස්ථාව ලෙසයි. පිලිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු දෙකකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 148 ක් පමණයි. ඒ අනුව තරගයෙන් ඉන්දියාවට ලකුණු 135 ක ජයක් හිමි වුණා.