ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීමට විවෘතයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක් සදහා කැමැත්තක් ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත අද වාර්තා කරන ලදී. ඒ ඉන්දියානු රජය ඔවුන්ට ඉඩ දෙන්නේ නම් පමණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය – බී.සී.සී.අයි පවසන්නේ ඉන්දීය රජය ඔවුන්ට ඉඩ දෙන්නේ නම් එක්දින තරගාවලියක් සහා විස්සයි විස්ස තරගාවලියක් ලෙස තරග 6 යුක්ත තරගාවලියක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විවෘත බව, හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි

නිරෝධායන නීති අනුගමනය කිරීමට ඔවුන් සූදානම් නම් සහ රසිකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන වසා ඇති දොරවල් පිටුපස ජූලි මස අග දී මාලාවට ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලින් බීසීසීඅයි වෙත යැවූ ලිපියේ සදහන් වූ අතර එයට පිළිතුරක් ලෙස බීසීසීඅයි භාණ්ඩාගාරික අරුන් ධුමාල් හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පතට අදහස් දක්වා ඇත.

“මේ සියල්ල රඳා පවතින්නේ අගුලු දැමීමේ ලිහිල් කිරීම් සහ සංචාරක සීමාවන් සම්බන්ධ රජයේ නියෝග මත ය. අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍යය අඩපණ නොකරන්නේ නම් අපි සංචාරය කිරීමට විවෘතව සිටිමු. ”BCCI භාණ්ඩාගාරික අරුන් ධුමාල් පැවසීය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top