ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තෙවන විනිසුරු යටතට

[vc_row][vc_column][vc_column_text]අදින් ආරම්භ වන ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තරගයේ තෙවන විනිසුරු යටතට පත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රිඩාවට හදුන්වාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ලබාගත් පියවරක පරීක්ෂණ අවස්ථාවක් ලෙස ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන ඉදිරි තරග 6 තුළදී තෙවන විනිසුරු විසින් නිපන්දු පරීක්ෂා කොට පිටිය මැද විනිසුරුට දන්වනු ඇත.

මෙහිදී සෑම පන්දුවක්ම තෙවන විනිසුරු නිරීක්ෂණය කරන අතර නිපන්දුවක් නම් එය පිටිය මැද විනිසුරුහට ඔහු විසින් දන්වනු ඇත. යම්කිසි අවස්ථාවක පන්දුවකට ක්‍රීඩකයෙකු දැවීගිය විටක එය නිපන්දුවක් බවට තෙවන විනිසුරු දැන්වූ පසු තීරණය වෙනස් කිරීමට පිටිය මැද විනිසුරු කටයුතු කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය කළ  නිවේදනයේ සදහන් වේ.
එසේම පිටිය මැද ලබාගන්නා අනෙකුත් තීරණ සුපුරුදු පරිදි පිටිය මැද සිටින විනිසුරුවරුන් දෙපළ ලබා ගනී. තෙවන විනිසුරු විසින්  නිපන්දු නිරීක්ෂණය 2016 වසරේදී පාකිස්තානය හා එංගලන්තය අතර පැවති තරගයේදී තෙවන විනිසුරු විසින් ප්‍රථම වතාවට සිදුකළ අතර එය මෙතරම් දුරකට අත්හදා බැලීමක් එවර සිදු නොවිය.
-චානක මධුසාගර –

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top