ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරය

[vc_row][vc_column][vc_column_text]ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ලබන මස ආරම්භ වීමට නියමිත තරගාවලියේ කාලසටහන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 4ක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වන අතර ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරමින් පළමු එදින තරගය නොවැම්බර් මස 27 වනදා සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

විස්සයි විස්ස තරගාවලිය දෙසැම්බර් මස 4වන දින කැනබරාහිදී ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් මස 17වන දින පළමු ටෙස්ට් තරගය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතය. සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය දෙසැම්බර් මස 26වන දින මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරඟාවලි කාල සටහන

එක්දින තරඟාවලිය

පළමු එක්දින තරගය – නොවැම්බර් මස 27 වනදා සිඩ්නිහිදී

දෙවන එක්දින තරගය – නොවැම්බර් මස 29 වනදා සිඩ්නිහිදී

තෙවන එක්දින තරගය – දෙසැම්බර් මස 2වනදා කැන්බරාහිදී

විස්සයි විස්ස තරඟාවලිය

පළමු විස්සයි විස්ස තරගය – දෙසැම්බර් මස 4වනදා කැන්බරාහිදී

දෙවන විස්සයි විස්ස තරගය – දෙසැම්බර් මස 6වනදා සිඩ්නිහිදී

තෙවන විස්සයි විස්ස තරගය – දෙසැම්බර් මස 8වනදා සිඩ්නිහිදී

ටෙස්ට් තරඟාවලිය

පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් මස 17 සිට 21 දක්වා ඇඩිලේඩ්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසින්.

දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් මස 26 සිට 30 දක්වා මෙල්බන්හිදී.

තෙවන ටෙස්ට් තරගය – ජනවාරි මස 7 සිට 11 දක්වා සිඩ්නිහිදී.

සිව්වන ටෙස්ට් තරගය – ජනවාරි මස 15 සිට 19 දක්වා බ්‍රිස්බේන්හිදී.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top