ඉන්දීය කණ්ඩායම පළමු දිනයේ ඉදිරියෙන්

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”31777,31778,31779,31780,31781″][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද පූනේ හීදී ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය.

ඊයේ සවස අයහපත් ආලෝක තත්වය හේතුවෙන් පන්දුවාර 85.1 දී තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරන විට සිය ප්‍රථම ඉනීම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු තුනක් බිදවැටී ළකුණු 273ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටියහ. නොදැවී කඩුල්ලේ රැදී සිටී නායක විරාට් කෝලි ලකුණු 63 ක් හා උපනායක අජින්කයා රහනි ලකුණු 18ක් ලබා සිටියහ. චෙටෙස්වර් පුජාරා ලකුණු 58ක් වාර්තා කිරීමට සමත්විය.

දිනයේ කැපීපෙනෙන පිතිකරු බවට පත්වූ මයනක් අගර්වාල් පිට පිටම සිය දෙවන ශතකය වාර්තා කරමින් ලකුණු 118ක් ලබා ගැනීමට සමත්විය.
පසුගිය තරගයෙදී ඉනීම් දෙකෙහිම ශතකලාභියා බවට පත්වූ රෝහිත් ශර්මා ලකුණු 14කට දැවී යාම කැපීපෙනුණි..

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කාර්ගීසෝ රබාඩා පමණක් කඩුලු ලබාගත් අතර ඔහුගේ පන්දු යැවීම සටහ වුයේ පන්දුවාර 18.1 නිළකුණු පන්දුවාර 2 ළකුණු 48 කඩුලු 3ක් ලෙසටය.

ඉන්දියාව 273 -3 (මයනක් අගර්වාල් 118 , ‍විරාට් කෝලි 63* , චෙටෙස්වර් පුජාරා 58) කාර්ගීසෝ රබාඩා 3- 48

-චානක මධුසාගර –

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top