Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ඉන්දීය තරගාවලිය අතරතුරදී තවත් ක්‍රීඩකයෙක් සමුගැන්මට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් පිළිබඳව තීරණ ගනු ලබන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සහ තේරීම් කමිටුවේ ක්‍රියා කළාපය සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් දැඩි කලකිරීමට ලක්ව සිටින බව නොරහසක්. මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් තිසර පෙරේරා, සමුගැන්ම පිළිබඳව සිතමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තාක්ෂණික කමිටු සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර සිටින දිනේෂ් චන්දිමාල් ඒ අතර ප්‍රධානයි.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයකුද මෙම තරගාවලිය අවසන් වත්ම සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම යෑමට බලාපොරොත්තුවෙන් පසුවනවා.

මෙම ක්‍රීඩකයා, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය අතරතුරදී සිය සමුගැන්ම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතවම ලබා දීමට නියමිතව සිටිනවා. සමුගැන්ම සඳහන් ලිපිය ලබා දෙන තෙක් නම ප්‍රසිද්ධ කිරීමට අකමැත්තක් දක්වන මෙම ක්‍රීඩකයා වත්මන් සංචිතයේ පසුවන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් අතර ප්‍රමුඛස්ථානයක් හිමි ක්‍රීඩකයෙක්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top