ඉන්දීය තරඟ සංචාරයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 12 ක ආදායමක්!

[vc_row][vc_column][vc_column_text]එළඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 12 ක පමණ ආදායමක් ලැබෙනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

“අපි මුලින්ම සූදානමින් සිටියේ තරඟ 3ක් පැවැත්වීමටයි. නමුත් ඉන් පසුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා වලින් පසුව තවත් තරඟ 3ක් එකතු කර තරඟ 6ක් දක්වා දීර්ඝ කර ගැනීමට අපට හැකි වුනා. මේ හේතුව නිසා තවත් වැඩිපුර ඩොලර් මිලියන 6ක් පමණ උපයා ගැනීමට අප බලාපොරොත්තු වනවා.”

“ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව අපට විශාල ආදායමක් ලබාගත හැකි බවට මට විශ්වාසයි. මේ නිසා අපට හොඳ පදනමක් ක්‍රිකට් ක්‍රීඩාවට සැකසිය හැකි වනවා. අපට Covid 19 වයිරසය නිසා සංචාර කිහිපයක්ම මහහැරී ගියා. මේ නිසා ක්‍රීඩකයන්ගේ මාසික වැටුප් සහ දීමනා ගෙවීමේ යම්කිසි ගැටලුවක්ද මතුව තිබෙනවා.”

 

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top