ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය වෙනස් කළ 21 හැවිරිදි කොලුගැටයා.

රොබින් මින්ස් IPL තරඟාවලි ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ දිනයේදී සමත් වූයේ IPL තරගාවලියකට තේරී පත් වූ පළමු ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. 21 හැවිරිදි වියේ පසුවන මින්ස්ව ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ලංසු තැබීමේ යුද්ධයක් ඇති විය. ඔහුගේ මූලික මිල ඉන්දීය රුපියල් ලක්ෂ 20 න් ආරම්භ වූ අතර, කණ්ඩායම් දෙක අතර ඇති වූ පොරබැදීම ඔහුව INR කෝටි 3.6 ක වටිනාකමක් දක්වා ගෙන ගියේය. එය ඔහුගේ මූලික වටිනාකම මෙන් 18 ගුණයකි.

මින්ස් තවමත් ඔහුගේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කොට නොමැත. ඔහුගේ විශේෂත්වය කුමක්ද ?

ඔහු වේගයෙන් පන්දුවට පහර දෙන වමත් කඩුලු රකින පිතිකරුවෙකි. මැදපෙළ පිතිකරුවෙකු වන මින්ස් මේ වසර මුලදී ඔඩිෂා හි පැවති ආරාධිත T20 තරඟාවලියකට ක්‍රීඩා කරමින් පන්දු 35 කදී නොදැවී ලකුණු 73 ක් රැස් කළේය.

News18 වෙබ් අඩවියට අනුව, මින්ස් Jharkhand 19න් පහළ හා 25න් පහළ කණ්ඩායම් සඳහා ක්‍රීඩා කර ඇත. මින් පෙර ඔහුව මුම්බායි ඉන්දියන්ස් විසින් පුහුණු කඳවුරක් සඳහා තෝරා ගෙන තිබුණි.. ඔහු හොඳ පුහුණුවක් සඳහා එංගලන්තයට ද ගොස් ඇත.

21 හැවිරිදි ඔහු ලක්නව් සුපර්ජයන්ට්ස්, දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් වල තේරීම් සඳහා ද සහභාගි වී ඇති නමුත් පසුගිය වසරේ දී ඔහු අලෙවි නොවීය.

මින්ස් එම්එස් දෝනිව අනුගමනය කරන අතර ඔහු 10 වසරේ විභාග සමත් වීමෙන් පසු ඔහුගේ අධ්‍යයන කටයුතු අත්හැර ඇත.ඔහුගේ පියා හමුදාවේ සේවය කර ඇති අතර වර්තමානයේ දී ජාර්කන්ඩ් ගුවන් තොටුපළේ ආරක්ෂක සේවකයෙකු ලෙසින් කටයුතු කරයි.

ගුජරාට් ටයිටන්ස් විසින් තෝරා ගන්නා ලද මින්ස්ට ඔහුගේ IPL මංගල තරගයට අවස්ථාවක් ලැබීමට වැඩි ඉඩක් පවතී.2002 වසරේ උපන් මින්ස්ට වමතින් ඕතඩොක්ස් දඟ පන්දු යැවීමට ද හැකියාව ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.

Back To Top