ඉන්දු නවසීලන්ත අවසන් පූර්ව තරගයට මන්දගාමී තනතීරුවක් ලැබෙන ලකුණු ?

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය සඳහා මන්දගාමී තණතීරුවක් බලාපොරොත්තු වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරීත්වය ක්‍රීඩාංගණ භාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ වන්කඩේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන මතුපිට තණකොළ ඉවත් කරන ලෙසටයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශීය ක්‍රීඩාංගණ භාරකරුවන් විසින් ලෝක කුසලාන තරඟාවලියේ තණතීරු බලාගැනීම සඳහා දේශීය සංවිධායක කණ්ඩායමක් පිහිටුවා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද සෑම තරගයකම තණතීරු අධීක්ෂණය සඳහා ඔවුන්ගේ ප්‍රවීණයන් යොමුකොට ඇත.

“එය දගකැවෙන තණතීරුවක් නොවනු ඇත. නමුත් ඉන්දීය කණ්ඩායම ඉල්ලා තිබුණේ මන්දගාමී තණතීරුවක්. අපි තණකොළ මුඩු කිරීමට ප්‍රධාන හේතුව එයයි,” යනුවෙන් මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව සිය මව්බිමේදී මන්දගාමී තණතීරු වල හොඳින් දස්කම් දක්වා ඇත. ලෝක කුසලානයට පෙර කණ්ඩායම් කළමනාකාරීත්වය ඉල්ලා තිබුණේ ඔවුන්ගේ තරග මන්දගාමී තණතීරුවල පවත්වන ලෙසයි.

ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ නායක රෝහිත් ෂර්මා අඟහරුවාදා තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව , කණ්ඩායම් කළමනාකාරිත්වය ක්‍රීඩාංගන භාරකාර විමසා සිටියේ ක්‍රීඩාංගණයට පිනි නාශක රසායනිකය ඉසින්නේදැයි යන්නයි.

මෙවර ලෝක කුසලානයේදී වන්කඩේ පිටියේ හඹා යාම දුෂ්කර වී ඇති අතර, මෙතෙක් පැවති තරඟ හතරෙන් එක් තරගයක් පමණක් දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායම ජයග්‍රහණය කොට ඇත. එයද ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලෙන් මැක්ස්වෙල්ගේ විශිෂ්ට ද්විත්ව ශතක ඉනීම ක්‍රියාත්මක වූ තරගයයි.

Back To Top