නොවැම්බර් මස 2 වැනිදා මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයේදී සෑම රසිකයෙකුටම නොමිලේ පොප්කෝන් සහ සිසිල් බීම ලබා දීමට මුම්බායි ක්‍රිකට් සංගමය තීරණය කර ඇත. එම තරගය ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් MCA සභාපති අමෝල් කේල් කියා සිටියේ රසිකයින්ට ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර කවුන්ටරයේ පෙන්විය යුතු බවත් එය මුද්‍රා තැබීමෙන් පසු ඔවුන්ට නොමිලේ පොප්කෝන් සහ සිසිල් බීම ලබා දෙන බවත්ය. එහි පිරිවැය MCA විසින් දරනු ලබන අතර එම යෝජනාවට කමිටුවේ ඉහළ සාමාජිකයින් එකඟ වී ඇති බව අමෝල් කේල් වැඩිදුරටත් සඳහන් කළේය.
“ලෝක කුසලාන තරඟ නැරඹීමට පැමිණෙන සියලුම ක්‍රීඩා ලෝලීන්ට එක් වරක් පොප්කෝන් සහ සිසිල් බීම නොමිලේ ලබාදීමට මම යෝජනා කර තිබුණා. තරගය නැරඹීමට පැමිණෙන රසිකයින්ගේ ප්‍රවේශපත්‍ර නියමිත කවුන්ටරයේ පෙන්විය යුතුය. එය මුද්‍රා තබා සෑම රසිකයෙකුටම නොමිලේ පොප්කෝන් සහ කෝක් ලබා දෙනවා. එහි වියදම MCA විසින් දරනවා. අපි මෙය ඉන්දු ශ්‍රී ලංකා තරගයෙන් ආරම්භ කරනවා ඒ වගේම එය අවසන් පූර්ව වටයෙත් සිදුකරනවා. MCA Apex සාමාජිකයින් මෙම යෝජනාවට එකඟ වෙලා තියෙනවා” MCA සභාපති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.