[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ තෙවන අදියර ඊයේ ආරම්භ වුනු අතර තරඟාවලියේ පස්වන තරඟය ලකුණු 19කින් ජයග්රහණය කිරීමට කර්නාටකටයිගර්ස් වාර්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව මෙම තරඟාවලියේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමක් ජයග්රහණය කල ප්රථමඅවස්ථාව මෙය විය.
ඔයින් මෝගන් නායකත්වය දරන දිල්ලි බුල්ස් කණ්ඩායම සහ හශීම් අම්ලා නායකත්වය දරන කර්නාටක ටයිගර්ස් කණ්ඩායම අතර පැවතිඅතර දෙවන වතාවටද කාසියේ වාසිය ජයග්රහණය කල ඔයින් මෝගන් ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේය.
ආරාධනය පිලිගෙන ප්රථමයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කල හශීම් අම්ලා, උපුල් තරංග ප්රමුඛ කර්නාටක ටයිගර්ස් කණ්ඩායම පන්දුවාරදහය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 110ක් රැස් කරමින් ඉතා හොඳ ඉලක්කයක් ප්රතිවාදී කණ්ඩායමට ලබා දීමට සමත් විය.
නායක හශීම් අම්ලා හට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත් වූවද කලකට පසු පිටියට පිවිසි පරිණත ආරම්භක පිතිකරුඋපුල් තරංග විනාශකාරි ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 22කදී ලකුණු 48ක් රැස් කරමින් කණ්ඩායමට අගනා දායකත්වයක් ලබා දුන්නේය.
ලකුණු 111ක ඉලක්කයක් හඹා යන දිල්ලි බුල්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර කුසල් පෙරේරා සහඅයර්ලන්ත ක්රීඩක පෝල් ස්ටර්ලින් යන ආරම්භක ක්රීඩකයන් යුවලම අඩු ලකුණු වලට දැවී ගියේය.
දිල්ලු බුල්ස් කණ්ඩායමට පළමු තරඟයේදී ජයග්රහණය සඳහා දොරටු විවර කර දුන් නායක ඔයින් මෝගන් සහ ඇන්ජලෝ මැතිව්ස් යලිපිටියේ එක් වුවද ඔවුන්ට මෙවර සාර්ථක වීමට ප්රතිවාදී පන්දි යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. මෝගන් සහ ඇන්ජලෝ මැතිව්ස් පිලිවෙලින්ලකුණු 21ක් සහ 31ක් රැස් කරමින් දැවී ගියේය.
පන්දු යැවීමේදී නේතන් රිනින්ටන් කඩුලු 3ක් ද ප්ටැරික් බ්රවුන් සහ අහමඩ් රාසා කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.
[/vc_column_text][/vc_column][/vc_row]