එංගලන්තයට එරෙහිව පැවැති පළමු 20/20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුව‌ට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 177 ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 43 යි. පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩ්න් කඩුලු 2 ක් දවා ගත්තා. ලකුණු 178 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළේ ලකුණු 176 ක් පමණයි.

ඒ අනුව තරගයෙන් දකුණු අප්‍රිකාව එක් ලකුණක තියුණු ජයක් හිමි කර ගත්තා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70 ක්. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලුන්ග් එන්ගිඩි කඩුලු 3 ක් දවා ගත්තා. තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේ ලුන්ග් එන්ගිඩි විසින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top