නවසීලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 323කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ වෙලින්ටන් හිදී.
පළමු ඉනිමට එංගලන්තය ලකුණු 280ක් රැස් කළා. නවසීලන්ත පළමු ඉනිම ලකුණු 125කට සීමා වුණා. එංගලන්තය දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 427ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ජෝ රූට් ලකුණු 106යි. ඒ අනුව, තරගය ජයගැනීමට නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 583ක්. නමුත් ඔවුන් සියලු ක්‍රීඩකයින් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 259ක් පමණයි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවති තරග දෙකම ජයගැනීමෙන් එංගලන්තය තරගාවලිය ජය ගත්තා.