එංගලන්තය අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්තය සහ ඉන්දියාව අතර.ඒ ඇඩිලේඩ්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 33කට ලකුණු 63 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 5 ක් ඇතුළත්.විරාත් කෝලි ලකුණු 50යි. 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 4000 සීමාව පසු කිරීමට කෝලි සමත් වුණා. එම දක්ෂතාව දැක්වු ලොව පළමු ක්‍රීඩකයා වන්නේද විරාත් කෝලි.පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩ්න් කඩුලු 3 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 169 ක ඉලක්කයක් සමඟ එංගලන්තය ඉනිම ආරම්භ කළේ ඇලෙක්ස් හේල්ස් සහ ජොෂ් බට්ලර්. ඔවුන් දෙදෙනා කණ්ඩායම් මත සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඇලෙක්ස් හේල්ස් 12වැනි 20/20 අර්ධ ශතකයත්, ජොෂ් බට්ලර් 19 වැනි 20/20 අර්ධ ශතකයත් අද වාර්තා කළා. එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 16 අවසානයේ කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 170 ක් රැස් කරමින්. ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 86 ක් රැස් කළ අතර ජොෂ් බට්ලර් නොදැවී ලකුණු 80යි. ඒ අනුව එංගලන්තය තරගය ජය ගත්තේ කඩුලු 10 කින්.

එංගලන්තය 20/20 ලෝක කුසලානයක අවසන් තරගයට පිවිසි තුන් වැනි අවස්ථාව මෙයයි. 2010 වසරේදී මෙහි ශූරතාව දිනූ එංගලන්තය 2016 වසරේදී අනුශූරතාව දිනා ගත්තා. එංගලන්තය සහ පාකිස්තානය අතර අවසන් තරගය ලබන ඉරිදා මෙල්බන් හි දී පැවැත්වීමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top