[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ සිඩ්නිහිදී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් රැස් කළා. නැටලි ෂිවර් ලකුණු 53 යි. පිලිතුරු ලෙස කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 17 යි පන්දුවක් අවසානයේදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළේ ලකුණු 97 ක් පමණයි. ඒ අනුව තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 46 කින්. එම ජයග්‍රහණයත් සමග එංගලන්ත කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා.
මේ අතර තරගාවලියේ පැවැති තවත් තරගයකින් දකුණු අප්‍රිකාව ජය ගත්තා.. ඒ පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ සිඩ්නිහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස් කළා. ලවුරා වොල්වර්ට් නොදැවී ලකුණු 53 යි. පිලිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළේ ලකුණු 119 ක් පමණයි. ඇලියා රියාස් නොදැවී ලකුණු 39 ක් රැස් කළ අතර ජවෙයිරා ඛාන් ලකුණු 31 යි. තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 17 කින්.[/vc_column_text][/vc_column][/vc_row]