එංගලන්ත – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සම වෙයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්සන්බර්ග්හිදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ දෙපිළම තරග 1 බැගින් ජය ගෙන සම තත්වයේ සිටියදී.

තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 256 ක් රැස් කළා. කුවින්ටන් ඩි කොක් පන්දු 81 කදී ලකුණු 69 ක් රැස් කළා. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 69 ක් රැස් කළේ පන්දු 53 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහඑ 4 ක් ඇතුලත්. ආදිල් රෂීඩ් ලකුණු 51 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිලිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 43 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් රැස් කරමින්. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජෝ ඩැන්ලි ලකුණු 66 ක් රැස් කළා. ජෝ රූට් ලකුණු 49 ක් රැස් කළ අතර ජොනී බෙයිස්ටෝව් ලකුණු 43 ක් ලබා ගත්තා. තරගයෙන් එංගලන්තය ජය ගත්තේ කඩුලු 2කින්. තරගයේ වීරයා එංගන්තයේ ආදිල් රෂීඩ්. දකුණු අප්‍රිකායේ ක්වින්ටන් ඩි කොක් තරගාවලියේ වීරයායි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top