[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟ මාලාවේ පළමු තරඟය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3 30 ට ලෝර්ඩ්ස් පිටියේ දී ආරම්භ වීමට නියමිත වනවා.
මෙකී තරඟය නවසීලන්ත කණ්ඩායමට වඩාත්ම වැදගත් වන්නේ ඔවුන් එංගලතයේදීම ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට එළඹෙන 18 වන දින සහභාගී වන බැවිනි. කණ්ඩායම් ද්විත්වයේ තීරණාත්මක සාධක ලෙසට,
එංගලන්තය
බොහෝ දුරට ආරම්භක පිතිකරුවන් ලෙසට සැක් ක්‍රව්ලි සමගින් ඩොමිනික් සිබ්ලි ක්‍රීඩා කිරීමට නියමිත වනවා. නමුත් කලකින් කණ්ඩායමට එක් වූ හසීබ් හමීඩ් ආරම්භ පිතිකරු ලෙසට එක අන්තයකින් එක් වනු ඇති බවටද යම් කිසි ඉඟි පල වනවා.
අංක 3 ස්ථානයේ නායක ජෝ රූට් මෙන්ම අංක 4 ස්ථානය බොහෝ දුරට ඩෑන් ලෝරන්ස් ක්‍රීඩා කිරීමට නියමිතයි. අංක 5 ස්ථානයේ බොහෝ විට ජේම්ස් බැරේසි හෙට දින ටෙස්ට් වරම් ලබාගනු ඇතැයි විශ්වාස කල හැක්කේ බෙන් ස්ටෝක්ස් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්. නැතහොත් සෑම් බිලින්ග්ස් ටෙස්ට් වරම් ලබාගනු ඇති.
අංක 6 ස්ථානයේ ඔලී පෝප් මෙන්ම අංක 7 තුන් ඉරියව් ක්‍රීඩක ඔලී රොබින්සන් හෝ ක්රේක් ඕවර්ටන් ක්‍රීඩා කරනු ඇති. පිළිවෙලින් අංක 8 ස්ථානයේ ජැක් ලීච් සහ අංක 9 ස්ටුවර්ට් බ්‍රෝඩ්, අංක 10 මාර්ක් වුඩ් සහ අංක 11 ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාස කල හැකිය. ඇන්ඩර්සන් මෙම තරඟය ක්‍රීඩා කලහොත් ඔහු එංගලන්ත ඉතිහාසයේ වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකට මුහුණ දුන් ක්‍රීඩකයා ලෙසට වාර්තා පොත් වලට එක් වීමට නියමිතය.
නවසීලන්තය
හෙන්රි නිකොල්ස් සමගින් ටොම් ලේතම් නවසීලන්ත ඉනිම අරඹනු ඇති බවට විශ්වාස කල හැකිය. ඒ වගේම අංක 3 ස්ථානය සුපුරුදු පරිදි නායක කේන් විලියම්සන් මෙන්ම අංක 4 ස්ථානය පළපුරුදු රොස් ටේලර් ක්‍රීඩා කරනු ඇත.
අංක 5 ස්ථානය ඩෙවොන් කොන්වේ විසින් ක්‍රීඩා කරනු ඇති. ඔහු ටෙස්ට් වරම් ලබාගන්නා බවට කේන් විලියම්සන් ඊයේ නිවේදනලා කලා. නවසීලන්ත අංක 6 ලෙසට BJ වොට්ලින්ග් ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාස කල හැකිය. ඔහු කඩුලු රකින්නා ලෙසටද කටයුතු කරයි.
අංක 7 කොලින් ඩි ග්රැන්හෝම් හෝ ඩැරිල් මිචෙල් විසින් ක්‍රීඩා කිරීමට නියමිතයි. අංක 8 මිචෙල් සැන්ටර් හෝ අජාස් පටෙල් ක්‍රීඩා කරනු ඇති. පිළිවෙලින් අංක 9 කයිල් ජෙමිසන්, අංක 10 නීල් වැග්නර් සහ අංක 11 ට්‍රෙන්ට් බෝල්ට් ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් අවසානයේ පිටියේ තත්ත්වය මත මෙකී කණ්ඩායම් ද්විත්වය වෙනස් වීමට ඇති බවත් බොහෝ දුරට කණ්ඩායම් දෙකම ක්‍රීඩකයන් දෙදෙනෙක් ටෙස්ට් පිටියට හඳුන්වා දීමට සූදානම් වන බවද වාර්තා වනවා.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]